2026 ජූලි 25, පෙ.ව. 12:35
මෙම ආණ්ඩුව ඉතා වේගයෙන් සාමාන්‍ය සම්ප්‍රදායික ආණ්ඩුවක් බවට පත්වෙමින් පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගය නමැති පුළුල් පෙරමුණේ ශක්තිය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බවත්, ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණේ බලය තහවුරු වෙමින් පවතින බවත්ය.
ආණ්ඩුකරණය යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවත්, වත්මන් පාලනය තමන් මුහුණ දෙන අභියෝග ඉතා සැහැල්ලුවෙන් තකා කටයුතු කරන බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම ආගමික සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාමාර්ග දෙස බැලීමේදී, ඔවුන් පැරණි ප්‍රතිගාමී බලවේග සමඟ අත්වැල් බැඳගනිමින් සිටින බව පෙනී යන බව ද හෙතෙම සඳහන් කළේය.
“මේ ආණ්ඩුවේ ගමන් මග දෙස බලන විට පැහැදිලිවම ආපසු හැරීමක් පෙනෙන්නට තිබෙනවා. ආණ්ඩුවේ ජනවරම සහ එහි ස්වභාවය පිළිබඳව ඔවුන් බරපතල ලෙස සිතන බවක් පෙනෙන්නට නැහැ,” යැයි පැවසූ ආචාර්ය දේවසිරි මහතා, විපක්ෂය සහ ආණ්ඩුව අතර මැද පවතින හිඩැස පිරවීම සඳහා නව විකල්ප දේශපාලන කතිකාවක අවශ්‍යතාවය ද අවධාරණය කළේය.
ආණ්ඩුවේ ගමන් මග පිළිබඳව විවේචනාත්මකව බැලීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
2026 ජූලි 25, පෙ.ව. 12:23
2026 ජූලි 25, පෙ.ව. 12:21
2026 ජූලි 25, පෙ.ව. 12:13
2026 ජූලි 25, පෙ.ව. 12:12
2026 ජූලි 25, පෙ.ව. 12:10
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
22-07-26
22-07-26