2026 ජූලි 28, පෙ.ව. 12:10
ටෙලිනාට්‍ය රංගනය හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගත් සංජානා ගමාරච්චි, සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ‘ඒක තමයි මේක’ චිත්‍රපටය හරහා සිනමාවට පිවිසීම සිය රංගන දිවියේ සැලකිය යුතු සන්ධිස්ථානයක් ලෙස හඳුන්වයි. ඇය පවසන්නේ පුංචි තිරයෙන් රිදී තිරයට පැමිණීම තමන් දිගු කලක් බලාපොරොත්තු වූ සිහිනයක් සැබෑ වූ අවස්ථාවක් බවයි.
2019 වසරේ ටී.වී. දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගැනීමෙන් පසු රංගන ක්ෂේත්‍රයට පිවිසි සංජානාට, සිනමාවේ පළමු අවස්ථාව හිමිවූයේ ‘ඒක තමයි මේක’ චිත්‍රපටයෙනි. යූටියුබ් නිර්මාණකරුවන් වන ජනප්‍රියා, රැට්ටා, ලෝචි, ලකා, සිකා සහ සිරිල් ඇතුළු පිරිස වටා ගොඩනැගුණු මෙම ප්‍රහසන චිත්‍රපටයේ ඇය රැට්ටා සහ සිකා අතර සිටින දඟකාර පෙම්වතියකගේ චරිතය නිරූපණය කරයි.
එම චරිතය පිළිබඳ අදහස් දක්වමින් සංජානා සඳහන් කළේ, එකවර තරුණයන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යන දඟකාර තරුණියකගේ චරිතයක් නිරූපණය කළද, එය තමන්ට අලුත් අත්දැකීමක් නොවූ බවයි. ටෙලිනාට්‍යවලද වැඩි වශයෙන් එවැනි කෙළිලොල් චරිත නිරූපණය කළ බැවින් එම භූමිකාවට අනුගත වීම පහසු වූ බව ඇය පැවසුවාය.
සිය පළමු සිනමා රංගනයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳව ඇය සතුට පළ කළාය. ටෙලිනාට්‍යවලින් හුරුපුරුදු වූ තමන් රිදී තිරයේ දැකීම ප්‍රේක්ෂකයන්ට සතුටක් ගෙන දී ඇති බවත්, ඉදිරියේදී චරිතාංග නිළියක් ලෙස ඉදිරියට යාමට බොහෝ දෙනා ආශීර්වාද කරන බවත් ඇය කියා සිටියාය.
මේ අතර, සාරංග දිසාසේකර නිෂ්පාදනය කර ඩිල්ෂාන් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය තරුවක්’ චිත්‍රපටය හරහාද ලබන සතියේ ප්‍රේක්ෂකයන් හමුවීමට සූදානම් බව සංජානා අනාවරණය කළාය.
වර්තමානයේ විකාශය වන ‘ජහුටා’ ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කරන්නේ සැකය සහ අවිශ්වාසය මත ගොඩනැගුණු ආදර සම්බන්ධතාවයක සිටින ‘ආකර්ශණා’ නම් චරිතයයි. එම චරිතය තුළ ආදරය වෙනුවෙන් බොහෝ දේ ඉවසන තරුණියක් දැක්වෙන නමුත්, සැබෑ ජීවිතයේ එවැනි සම්බන්ධතාවයක රැඳී සිටීම සුදුසු නොවන බව සංජානාගේ පෞද්ගලික මතයයි.
රංගන ජීවිතය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මේ දක්වා බොහෝ විට තමන්ට ලැබී ඇත්තේ කෙළිලොල් සහ දඟකාර චරිත බවයි. එහෙත් එම රාමුවෙන් ඔබ්බට ගොස් විවිධ ස්වභාවයේ චරිත නිරූපණය කළ හැකි හැකියාව තමන් සතුව ඇති බවට ඇය විශ්වාසය පළ කළාය. එම හැකියාව හඳුනාගන්නා නිර්මාණකරුවෙකුගෙන් වෙනස් ආකාරයේ චරිතයක් ලැබෙන තෙක් ඉවසීමෙන් බලා සිටින බවද ඇය පැවසුවාය.
පෞද්ගලික හේතු මත යම් කාලයක් රංගන ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටීමට සිදුවීම පිළිබඳවද සංජානා කනගාටුව පළ කළාය. එම කාලය තුළ ක්ෂේත්‍රයේ සක්‍රීයව සිටියා නම් තවත් නිර්මාණ රැසකට දායක වීමට හැකිව තිබූ බව තමන් විශ්වාස කරන බව ඇය සඳහන් කළාය.
ජීවිතයේ අනාගත බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වමින් සංජානා පැවසුවේ, තමන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ තමන්ම ජයගැනීම බවයි. කෙසේ වෙතත්, කිසිවක් අධික ලෙස බැඳගෙන ජීවිතයේ නිදහස අහිමි කරගැනීමට තමන් කැමති නොවන අතර, වර්තමානයේ කළ යුතු දේ හොඳින් ඉටු කරමින්, ලැබිය යුතු දේ නිසි වෙලාවට ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් ජීවත් වන බවද ඇය කියා සිටියාය.
සිය ශාරීරික වෙනස පිළිබඳවද සංජානා අදහස් දැක්වූවාය. රංගන ක්ෂේත්‍රයට මුල්වරට පිවිසි සමයේ තමන් තරමක් ස්ථූල සිරුරකින් සිටි බවත්, පසුව රසිකයන්ගේ යෝජනා සැලකිල්ලට ගනිමින් ව්‍යායාම මඟින් බර අඩු කරගත් බවත් ඇය සඳහන් කළාය. රංගන ශිල්පීන් ලෙස ප්‍රේක්ෂක අදහස්වලට ගරු කිරීම වැදගත් බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
2026 ජූලි 24, පෙ.ව. 12:17
2026 ජූලි 23, පෙ.ව. 12:11
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26
24-07-26