2026 අගෝස්‍තු 07, පෙ.ව. 12:10
වසර 2000න් පසුව මෙරට ඉදි කරන ලද ජලාශවල සමස්ත ජල ධාරිතාව, මහා පරාක්‍රමබාහු රජුගේ වසර 25ක පාලන කාලය තුළ ඉදි කරන ලද ජලාශවල ධාරිතාවට වඩා වැඩි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පවසයි.
දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරට වාරි පද්ධතියේ සංවර්ධනය රජ දවසට පමණක් සීමා වී ඇති බවට සමාජයේ පවතින මතය වැරදි සහගත බවයි.
වසර 2000න් පසුව මෙරට වාරි ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ලබා ඇති බව ඔහු සඳහන් කළේය.
මෙහිදී මවු ආර, වෙහෙරගල, රඹකන් ඔය සහ දැදුරු ඔය වැනි ජලාශ මෙරට මුදල් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික දායකත්වයෙන් නිමවා ඇති බවත්, යාන් ඔය සහ මොරගහකන්ද වැනි දැවැන්ත ව්‍යාපෘති විදේශ ආධාර මත නිම කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම සියලු ව්‍යාපෘති හරහා මෙරට සමස්ත ජල ගබඩා කිරීමේ ධාරිතාව පෙර පැවති මට්ටමට වඩා දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සූරියබණ්ඩාර මහතා අවධාරණය කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය එක්ව සිදුකළ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් වර්තමානයේ පවතින වියළි කාලගුණික තත්ත්වයන් හමුවේ වුවද සාර්ථකව ජල කළමනාකරණය සිදු කිරීමට හැකියාව ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නිදහසින් පසු ඉදිවූ සේනානායක සමුද්‍රය සහ ගල්ඔය ව්‍යාපෘතියේ සිට වර්තමානය දක්වා මෙරට වාරි ඉංජිනේරුවන් ඉටුකර ඇති සේවය අතිමහත් බව ද මෙහිදී සිහිපත් කෙරිණි.
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
12-08-26
12-08-26
12-08-26
12-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
11-08-26
10-08-26
10-08-26