2022 ජූලි 30, ප.ව. 5:25
බ්‍රසීලයෙන් සහ ස්පාඤ්ඤයෙන් එම රටවල සිදු වූ පළමු monkeypox මරණ වාර්තා වී තිබෙනවා.
බ්‍රසීලයේ 41 හැවිරිදි පුද්ගලයෙකු අප්‍රිකාවෙන් පිටත එම වෛරසයෙන් මියගිය පළමු පුද්ගලයා බවට පත් වී ඇති අතර අනතුරුව ඊට ටික වෙලාවකට පසු ස්පාඤ්ඤය ද එරට පළමු monkeypox මරණය නිවේදනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ස්පාඤ්ඤයෙන් වාර්තා වුණු මරණය, යුරෝපයේ පළමු monkeypox මරණය බවයි.
පසුගිය සතියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) monkeypox වසංගතය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ප්‍රකාශයට පත් කළා.
කෙසේ වෙතත්, monkeypox ආසාදන සාමාන්‍යයෙන් මෘදු වන අතර සාමාන්‍ය ජනතාවට ඉන් ඇති අවදානම අඩු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24