2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
නවතම තක්සේරුවට අනුව මෙරටට අදාළ ප්‍රධාන අවදානම වන්නේ වියළි කාලගුණ තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබීම බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වසරේ අවසාන භාගයේදී වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එම වැඩි වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර, ජලයෙන් යටවීම් සහ කෘෂිකාර්මික කටයුතු වලට බලපෑම් ඇතිවීමේ අවදානමක් පවතින බද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එල්-නිනෝ දේශගුණික තත්ත්වය පිළිබදව ආසියානු කලාපයේ රටවලට සිදුව හැකි බලපෑම සම්බන්ධයෙන් වන නවතම තක්සේරු වාර්තාව නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව සඳහන් කරයි.
ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී බොහෝ ප්‍රදේශ වලට වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාවක් ලැබිය හැකි බවද සඳහන් කරයි.
දේශගුණික අවදානමත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික පීඩනය ඉහළ යා හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එහෙත් මෙම අවදානම පුළුල් බලපෑමක් බවට පත්ව නොමැති බැවින් පූර්ව සූදානම් වීම සඳහා තීරණාත්මක අවස්ථාවක් තවමත් පවතින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
02-09-26
02-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26