hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 12:25



ජාති, ආගම් ප්‍රශ්න අවුස්සලා රට ඇතුළේ එක එක ප්‍රශ්න හදන්න හදන කාලෙක මඩකලපුව එරාවූර් පැත්තෙන් අහන්න ලැබුණු මේ කතාව මරු. ඒ එරාවූර් පුලිනතලාරාම කියන පන්සලේ වැඩවාසය කරන්නේ එකම එක හාමුදුරුවෝ නමයි.

විශේෂම දේ කියන්නේ ඒ ගමේ උන්වහන්සේගේ ආරක්ෂාවටවත් පන්සලේ වැඩවලටවත් එකම එක සිංහල බෞද්ධ පවුලක්වත් නැලු. හැබැයි ඒ ගමේ ඉන්න මුස්ලිම් සහ දෙමළ ජනතාව උන්වහන්සේව තනිකරලා නෑ. තමන්ගේ ඇස් දෙක වගේ ආරක්ෂා කරනවා.

අවුරුදු 20ක් විතර වැහිලා තිබුණු පන්සල ආයෙත් ගොඩනගද්දී උන්වහන්සේට හයියක් වෙලා තියෙන්නෙත් ඒ ගම්වාසීන්මයි. අද වෙද්දී ඒ පන්සලේ භාණ්ඩාගාරික මුස්ලිම් ජාතික මහත්තයෙක්, ලේකම්තුමා දෙමළ කතෝලික මහත්තයෙක්.

පන්සල ඉස්සරහා මුස්ලිම් පවුල් පිටිපස්සේ දෙමළ පවුල් ජීවත් වුණත් හාමුදුරුවෝ ඒ හැමෝගෙම ගෙවල්වලට වඩිනවා. මළගෙදරකදී තනිවෙන පවුල් ළඟටම යනවා.

කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ පානදර පාරට බැස්සත් මුළු ගමම එකතු වෙලා දක්වන ඒ ආදරයයි ගෞරවයයි දැක්කම හිතෙනවා ඇත්තටම අපේ රටේ තියෙන්න ඕනේ මෙන්න මේ වගේ සංහිඳියාවක් නේද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: