2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:22
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හුදෙක් නීතිමය ක්‍රියාමාර්ගයකට එහා ගිය බරපතළ දේශපාලන ඇඟවුම් සහිත එකක් බවත්, ඒ හරහා ආණ්ඩුව නොදැනුවත්වම නාමල් රාජපක්ෂව විපක්ෂයේ ප්‍රධාන චරිතය බවට ඔසවා තබා ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කරයි.
සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ දේශපාලන විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දෙයි.
මෙම අත්අඩංගුවට ගැනීම මඟින් ආණ්ඩුවට වඩා දැඩි අර්බුදයකට මුහුණ දී ඇත්තේ විපක්ෂයේ සෙසු කණ්ඩායම් බව පෙන්වා දෙන ආචාර්යවරයා, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, රනිල් වික්‍රමසිංහ සහ දිලිත් ජයවීර වැනි නායකයන්ගේ දේශපාලන ඉඩකඩ යටපත් කරමින් විපක්ෂ දේශපාලන කරළියේ ප්‍රධාන ප්‍රතිවාදියා වීමේ අවස්ථාව නාමල් රාජපක්ෂ වෙත හිමිව ඇති බව සඳහන් කරයි.
විපක්ෂය තුළ මේ වන විට දැඩි ‘ශීතල යුද්ධයක්’ නිර්මාණය වී ඇති අතර, රාජපක්ෂවරුන් මර්දනයට ලක්වන බව පවසමින් ඔවුන් පිටුපස පෙළගැසීමට හෝ එසේ නොමැතිව තනිව ක්‍රියාත්මක වීමට විපක්ෂ නායකයන්ට සිදුව ඇති උභතෝකෝටිකය ද ඔහු පෙන්වා දෙයි.
ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ මෙවැනි අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් අදාළ දේශපාලනඥයාට ජනතා අනුකම්පාව සහ ප්රචාරක වාසි ගෙන දෙන “ස්වීප් එකක් ඇදුණා හා සමාන” තත්ත්වයක් නිර්මාණය කරන බව පැවසූ ආචාර්ය දේවසිරි මහතා, 2015 යහපාලන ආණ්ඩු සමයේදී ද සිදු වූයේ මෙවැනිම ක්‍රියාවලියක් බව සිහිපත් කළේය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මාලිමා ආණ්ඩුවේ ක්ෂණික කඩාවැටීමකට හෝ අවසානයකට හේතු වනු ඇතැයි යන මතය තමන් ප්‍රතික්ෂේප කරන බව හෙතෙම අවධාරණය කරයි. ඡන්දදායකයාගේ සබුද්ධිකත්වය (Voter Rationality) පිළිබඳව පැහැදිලි කළ ඒ මහතා, සාමාන්‍ය ජනතාව ආණ්ඩුවක් ඇගයීමට ලක් කරන්නේ දේශපාලනඥයන් හෝ උඩුමහලේ නීති විශාරදයන් කතා කරන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෝ දේශපාලන පළිගැනීම් පිළිබඳ සංවාද මත නොවන බව පෙන්වා දෙයි. සාමාන්‍ය ජනතාවගේ දෛනික පිරික්සුම් ලේඛනයේ ප්රමුඛව පවතින්නේ ජීවන වියදම, ආදායම් මාර්ග, අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික ස්ථාවරත්වය වන අතර ආණ්ඩුවක් පවතින්නේ ද පෙරළෙන්නේ ද එම මූලික සාධක මත බව ඔහු පවසයි.
එමෙන්ම, පසුගිය මැතිවරණ තුනකදීම ජනතාව මාලිමාව වෙත ඡන්දය භාවිත කිරීම හරහා එය ඡන්දදායකයාගේ දේශපාලන පුරුද්දක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, කූඩැල්ලෙකු එක් තැනක් අතහරින්නේ තවත් තැනක් තදින් අල්ලා ගත් පසුව පමණක් සේම, පවතින ආණ්ඩුව පරදවා විශ්වාසය තැබිය හැකි ශක්තිමත්, ඒකාබද්ධ විකල්ප බලවේගයක් විපක්ෂය තුළින් ගොඩනැගෙන තුරු ඡන්දදායකයා ආණ්ඩුවෙන් පහසුවෙන් ඉවතට නොයන බව ද සඳහන් කරයි.
ඒ අනුව, ආණ්ඩුවේ පැවැත්ම හෝ අවසානය තීරණය වන්නේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වැනි සිදුවීම් මත නොව, මහජනතාවගේ බිම් මට්ටමේ ආර්ථික අපේක්ෂාවන් කළමනාකරණය කරගැනීමට ආණ්ඩුවට ඇති හැකියාව මත බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:28
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:10
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26