hit counter

2026 සැප්‍තැම්‍බර් මස 15 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:14



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය සම්පන්නව සිටින බව ඔහු හමුවීමට බන්ධනාගාරයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාට රක්ෂිත බන්ධනාගාරගත වීම අලුත් අත්දැකීමක් නොවන බවයි.

2015 වසරේ යහපාලන ආණ්ඩුව සමයේදීද නාමල් රාජපක්ෂ මහතා අවස්ථා තුනකදී රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ බවද ඔහු පැවසුවා.

දේශපාලනයේ නිරත වීමේදී මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බව අපේක්ෂා කරන බවත්, එළඹෙන 18 වැනිදා නාමල් රාජපක්ෂ මහතාට ස්වාධීන අධිකරණයක් මගින් ඇප ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හමුවීමට පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ ඔහු සෞඛ්‍ය සම්පන්නව සිටින බවයි.

නාමල් මන්ත්‍රීතුමාට රිමාන්ඩ් බන්ධනාගාරය අලුත් තැනක් නෙවෙයි. 2015 යහපාලන ආණ්ඩුව ආපු වෙලාවෙත් එතුමාව 3 වතාවක් රිමාන්ඩ් කළා. ඒ හින්දා දේශපාලනය කරනකොට මේවා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා එළඹෙන 18 වැනිදා ස්වාධීන අධිකරණයක්. එදාට ඇප ලබාදෙයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: