2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 10:52
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු සඳහන් කළා.
එම සාමාජිකයා පවසා සිටියේ, ඇය පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි.
එමෙන්ම, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද එම සාමාජිකයා පවසනවා.
ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ ලිපිය ඇය වෙත භාරදී තිබෙන බවත් එම සාමාජිකයා සඳහන් කළා.
ඒ අනුව, ඇය රටින් පිටවීමට නියමිතව තිබූ අවස්ථාවේදීයි අදාළ දැනුම්දීම සිදුකර ඇත්තේ.
ඊට පෙර FCID වෙතින් ශිරන්ති රාජපක්ෂට කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවත්, අදාළ ලිපිය භාරදී ඇත්තේද ඇය ගුවන් තොටුපළට පැමිණීමෙන් අනතුරුව බවයි රාජපක්ෂ පවුලේ එම සාමාජිකයා වැඩිදුරටත් පැවසුවේ.
ශිරන්ති රාජපක්ෂ නැවත මෙම මස 19 වෙනිදා ලංකාවට පැමිණෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:21
2026 සැප්‍තැම්‍බර් 16, ප.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:25
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:16
2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:35
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26