2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:17
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් වී ඇති බව වාර්තා වේ.
සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂට විශේෂ වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක සතියක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ හදිසියේම ඊයේ (16) දින සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
ශිරන්ති රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් අනතුරුව ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම පැමිණ FCIDය වෙත කැඳවීමේ ලිපිය ගෙනැවිත් භාරදුන් බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් සඳහන් කරයි.
ඒ අනුව ශිරන්ති රාජපක්ෂට ලබන (24) වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙසට පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇත.
2026 සැප්‍තැම්‍බර් 17, ප.ව. 12:04
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:24
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:17
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26