2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:17
දීපව්‍යාප්ත හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානි වී තවදුරටත් කුලී නිවාසවල රැඳී සිටින නිවාස හිමියන්ට පමණක් දැනට ගෙවනු ලබන රු.25,000ක මාසික ගෙවල් කුලී දීමනාව 2026 දෙසැම්බර් මාසය දක්වා ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දන්වන බව වාර්තා වේ.
ඒ අනුව 2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 හි අනු අංක 04 සඳහා සංශෝධන ඇතුළත් කරමින් මෙම දීමනාව අඛණ්ඩව ලබාදීමට කටයුතු කර ඇති බව සඳහන්.
මෙම මාසික ගෙවල් කුලී දීමනාව ලබා දෙන්නේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම නිවස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නිවාස හිමියන්ට නව නිවසක් ඉදිකර අවසන් කරන තෙක් තාවකාලිකව වෙනත් ස්ථානයක පදිංචි වීම සඳහායි.
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 18, පෙ.ව. 12:10
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26