2026 සැප්තැම්බර් 22, ප.ව. 3:47
මධ්‍යම පළාතේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අවශ්‍යතාවය අනුව තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත පැවරීමට පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතා ආණ්ඩුකාර කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ පාසල් විදුහල්පතිවරුන් එකිනෙකා සමඟ සාකච්ඡා කර සුදුසු තීරණ ගන්නා ලෙස උපදෙස් නිකුත් කර ඇත.
අවශ්‍ය වුවහොත් මෙම කරුණු සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයාගෙන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් උපදෙස් ලබාගත හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංග ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල පාසල් 38ක් ඊයේ (21) වසා දැමූ බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, නාවලපිටිය ප්‍රදේශයේ පවුල් 66ක් නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් අවතැන් වී ඇති අතර, ඔවුන් දැනට ඉඹුල්පිටිය විද්‍යාලයේ සහ ප්‍රදේශයේ ආගමික ස්ථානයක තාවකාලිකව නවාතැන් ගෙන සිටින බව ද ඔහු පැවසීය.
2026 සැප්තැම්බර් 22, ප.ව. 4:01
2026 සැප්තැම්බර් 22, ප.ව. 3:03
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:43
2026 සැප්තැම්බර් 22, ප.ව. 12:19
2026 සැප්තැම්බර් 22, පෙ.ව. 11:59
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26