2026 සැප්තැම්බර් 25, පෙ.ව. 9:39
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ (24) දින පෙනී සිටින ලෙසට පසුගියදා දැනුම් දුන්නේය.
එහෙත් ඊයේ (24) දිනයේ ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේ නැත.
කෙසේ වෙතත් ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් නීතීඥවරයෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලිපියක් යොමුකර ඇත.
එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, (24) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙසට කර ඇති දැනුම්දීමට අනුව ශිරන්ති රාජපක්ෂට පැමිණීමට නොහැකි බවයි.
ශිරන්ති රාජපක්ෂ අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බැවින් ඇය නැවතත් මෙරටට පැමිණි පසුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව නීතීඥවරයා දැනුම් දී ඇත.
ශිරන්ති රාජපක්ෂගේ මුලිකත්වයෙන් පවත්වාගෙන ගිය “සිරිලිය සවිය” සංවිධානයේ ගණුදෙනු වලට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.
කෙසේ වෙතත් රෝගී තත්ත්වයට ප්‍රථිකාර කිරීමට සහ විශේෂ පරීක්ෂණ කිහිපයක් සිදු කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ පසුගිය (16) වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව දැනුම් දුන්නේය.
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 9:42
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 9:41
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 9:37
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 12:16
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
21-09-26
21-09-26
21-09-26
21-09-26