2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:13
වැවිලි ක්ෂේත්රයේ නාමය අවභාවිත කරමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධි වංචනික ආයෝජන ව්‍යාපෘතිවලින් මහජනතාව ආරක්ෂා කරගැනීමට සහ ක්ෂේත්රයේ කීර්තිනාමය සුරැකීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ලංකා වැවිලිකරුවන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ 172 වැනි වාර්ෂික මහා සභාව අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෑත කාලයේදී ‘වැවිලි’ යන නාමය භාවිත කරමින්, කෙටි කාලයකින් අධික ප්රතිලාභ ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් පවත්වාගෙන යනු ලබන නීතිවිරෝධි තැන්පතු ලබාගැනීමේ ව්‍යාපෘති නිරීක්ෂණය වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙවැනි වංචනික ක්‍රියාකාරකම් හේතුවෙන් සාමාන්‍ය මහජනතාවගේ මහන්සි වී උපයාගත් මුදල් අහිමි වන අතරම, පරම්පරා ගණනාවක් පුරා ගොඩනඟා ඇති වැවිලි ක්ෂේත්රයේ විශ්වසනීයත්වයට හා කීර්තිනාමයටද බරපතළ හානියක් සිදුවන බව අධිපතිවරයා අවධාරණය කළේය.
මෙවැනි නීතිවිරෝධි ක්‍රියාකාරකම් මර්දනය කිරීමට මහ බැංකුව පියවර ගනිමින් සිටින අතර, මහජනතාව දැනුවත් කිරීමට වැවිලිකරුවන්ගේ සංගමයද පෙරමුණ ගත යුතු බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේද පැවසීය.
“රටේ ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැඟෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ආදායම 2024 වසරේ පැවති අෙමරිකානු ඩොලර් බිලියන 2.8 සිට 2025 වන විට අෙමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 3 සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව මෙයයි.”
මෙහිදී තේ ප්‍රධාන අපනයන භෝගය ලෙස පැවති අතර, 2025 වසරේදී පොල් නිෂ්පාදන අපනයනයෙන් පමණක් අෙමරිකානු ඩොලර් මිලියන 573ක ආදායමක් වාර්තා වුණා. මැදපෙරදිග ගැටුම් සහ ‘දිට්වා’ සුළි කුණාටුව වැනි අභියෝග මධ්‍යයේ වුවද, 2026 වසරේ දෙවැනි කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 4.2ක වර්ධනයක් ලබා ඇති අතර උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
2021 වසරේදී තේ කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට ගිය පිරිවැය රුපියල් 618ක් වූ අතර, 2025 වන විට එය රුපියල් 1,043 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රබර් කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 350 සිට රුපියල් 686 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තේ වතුවල නිෂ්පාදන පිරිවැයෙන් සියයට 65ක් දක්වා ප්‍රමාණයක් වැය වන්නේ ශ්‍රමය සඳහායි.
ජනගහන විපර්යාස සහ විදේශගතවීම් නිසා වතු ශ්‍රම බළකාය අඩුවෙමින් පවතින අතර, ඉන්දියාව සහ කෙන්යාව වැනි තරගකාරී රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තේ සහ රබර් ශ්‍රම ඵලදායිතාව පහළ මට්ටමක පවතිනවා. වයස්ගත වූ වගාවන්, නැවත වගා කිරීම ප්‍රමාද වීම සහ යාන්ත්‍රීකරණය නොවීම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා.
කාලගුණික විපර්යාසයන්ගෙන් එල්ල වන අවදානම් ජයගැනීමට සහ ජාත්‍යන්තර තරගකාරිත්වය පවත්වා ගැනීමට දීර්ඝකාලීන ආයෝජන, නවීන තාක්ෂණය, අගය එකතු කළ නිෂ්පාදන (value-added products) සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර වෙත යොමු වීම අත්‍යවශ්‍යයි.”
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:37
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:14
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:11
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26
22-09-26