hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 11:32



22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

මෙම පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දිනය අද (25) වන අතර ඒ අනුව අද පස්වරුවේ මේ සඳහා ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) ආරම්භ විය.

ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් වන අතර ඒ දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත සඳහා විරෝධය පළ කරමින් ඊයේ දින සමගි ජන බලවේගය විසින් “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේ විරෝධතාවක් ද ආරම්භ කරනු ලැබීය.

එහිදී කළු පැටි පැළඳ විරෝධතාකරුවන් පොල්දූව මංසන්ධියට රැස්වූ අතර විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: