2026 සැප්තැම්බර් 28, පෙ.ව. 10:03
‘ඇස යොමන තැනක’ ගීතය අදින් පසු ලොව කිසිදු ස්ථානයක තමන් විසින් ගායනා නොකරන බව ගායන ශිල්පී අජිත් මුතුකුමාරණ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ එම ගීතයේ ලේඛිකාව වන රෙයාශිනි ශාඛ්‍යා මුණසිංහ මහත්මිය විසින් තමන්ට සිදුකළ වාරණයක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එම වාරණය මගින් ‘ඇස යොමන තැනක’ ගීතය නැවත ගායනා කරන්නේ නම් රුපියල් කෝටියක මුදලක් ගෙවන ලෙස දැනුම් දී ඇති බවද අජිත් මුතුකුමාරණ මහතා සඳහන් කරනවා.
‘ඇස යොමන තැනක’ ගීතය මුල්වරට 2006 වසරේදී අජිත් මුතුකුමාරණ මහතා විසින් ගායනා කර ඇති අතර, එය ඔහුගේ ‘ගිලිහෙන කඳුළක්’ කැසට් පටයේ 11 වැනි ගීතය ලෙස ඇතුළත් කර තිබුණා.
එම කාලයේ එතරම් ජනප්‍රිය නොවූ මෙම ගීතය මෑතකදී විවාහ මංගල උත්සවයකදී යුවළක් එම ගීතයට ඉදිරිපත් කළ නර්තනයක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වීමත් සමඟ නැවතත් ජනප්‍රියත්වයට පත් වුණා.
එමෙන්ම ‘ඇස යොමන තැනක’ ගීතය ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් හෝ වෙනත් පුද්ගලයින් විසින් භාවිත කිරීමේදී නීතිමය ගැටලු ඇතිවිය හැකි බවද අජිත් මුතුකුමාරණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 12:29
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 27, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:34
2026 සැප්තැම්බර් 26, පෙ.ව. 12:17
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26