2026 සැප්තැම්බර් 28, ප.ව. 12:08
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (28) දිනයේදී ශ්රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 335 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.95ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.20ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.
NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.50 සිට රුපියල් 326 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 335 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.33 සිට රුපියල් 326.43 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.42 සිට රුපියල් 334.52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.34ක් සහ විකුණුම් අනුපාතිකය රුපියල් 334.25ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326 සිට රුපියල් 326.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334 සිට රුපියල් 334.50 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:00
2026 සැප්තැම්බර් 25, පෙ.ව. 11:47
2026 සැප්තැම්බර් 24, ප.ව. 12:11
2026 සැප්තැම්බර් 24, පෙ.ව. 11:24
2026 සැප්තැම්බර් 23, පෙ.ව. 11:30
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
26-09-26
26-09-26
26-09-26
26-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26