hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 29, පෙ.ව. 12:03



ලංකාවේ කාගෙත් හදවතේ ගායකයා කවුද ඇහුවොත් ගායන ශිල්පී චාමර වීරසිංහ කියන්නේ. අන්න එහෙම හදවතට තට්ටු කරපු කරන ගායකයෝ ලංකාවේ හරි අඩුයි. ඉතිං ඔහු අපූරු ෆේස්බුක් සටහනක් තියලා තියෙනවා. ඒ කවුරුත් දන්න රියැලටි වැඩසටහන ගීත ගයන අපූරු පොඩ්ඩෙක් ගැන වීම සුවිශේෂියි. Shrinath pathum පුතා ගැනයි මේ සටහන ලියලා තිබුණේ. ඇත්තටම මේ වගේ ගායන ශිල්පියෙක්ගෙන් මේ වගේ වචන ටිකක් සටහන් වෙනවා කියන්නේ ලේසි නෑ.

“පැතුම් පුතේ,ඔයා ගායනා කරන හැම ගීතයක්ම මං බැලුවා ඇහුවා…බය නෑ දැන්…මං නැති දවසක මට වඩා දක්ෂයෙක් ලංකාවේ ඉන්නවා..මගේ ඕනිම ගීතයක් පුතා ගායනා කරන්න”

මිනිස්සුන්ගේ එදා මෙදා තුර හදවතේ ගායකයා චාමර වීරසිංහ කියන නම තියෙන්නෙත් මේ නිරහංකාර ගති පැවතුම් නිසා වෙන්න ඇති. අද ගොඩක් අය ජනප්‍රිය වෙන්නේ සල්ලි බලය නිසා වෙන්න ඇති. තමන්ගේ සිංදු ටික වෙන කෙනෙක් කිවුවොත් නඩු වගේම ප්‍රශ්න ගොඩක් දානවා. එහෙම කලාකරුවෝ ඕනි තරම්. හැබැයි චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ යුගයක් හදපු නෙක්ස්ට් ලෙවල් බ්‍රෑන්ඩ් එකක්. ඒ චරිතයට සම කරන්න පුලුවන් කෙනෙක් නෑ. හැබැයි ඔහු කියනවා දැන් ඔහුට බයක් නෑ කියලා..ඒ ඔහුගේ ප්‍රේක්ෂකයෝ රසිකයෝ ගැන වෙන්න ඇති. ලංකාවේ මිනිස්සු ඔයා නැති ලොවක් ගැන තාම හිතලා නැතුව ඇති චාමර අයියේ…ඒක නිසා එන පොඩි එවුන්ට හයියක් වෙන්න…හැබැයි ඔයාගේ වගේ හිතක් හැමෝටම නෑ.. ඒකයි ලංකාවේ මිනිස්සු චාමර වීරසිංහ කිවුව ගමන් වට පිට බලන්නේ නැතුව සතුටට සද්දෙට කෑ ග හන්නේ… තමන්ගේ සිංදු කියන්න එපා කියලා කියන ගායකයෝ ඉන්න රටක චාමර වීරසිංහ කියන චරිතය විස්තර කරන්න වචන මදි…වචන වලට පෙරළන්න බෑ….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: