hit counter

2026 සැප්‍තැම්‍බර් මස 30 වන බදාදා

2026 සැප්‍තැම්‍බර් 30, ප.ව. 12:36



”මේක ආධුනික ශිල්පිනියකගේ (රෙයාෂිනී ශාක්‍යා මුණසිංහ) ගීතයක්. අවුරුදු 26කට විතර කලින් තමයි මේක පටිගත කෙරුණේ. ඒ ගීතය ජනප්‍රිය වෙන්නෙ මේ මෑත කාලයේ, මංගල යුවළක් එක්ක. මම දන්නෙත් නෑ, මට සිංදුව කියන්න එපා කියන තැන මම හිටියෙ නෑ. මේ අතරවාරයේ කිසිම දැනුම් දීමකින් තොරව එක සැරේටම එනවා වාරණයක්, ගීතය ගායනා කළොත් කෝටියක මුදලක් ගෙවන්න වෙනවා, ගායනා කරපු එකට ලක්ෂ 25ක් ගෙවන්න වෙනවා කියලා… මට මුලින්ම කිව්වා නම් කතා කරලා මගේ ගීතය ගායනා කරන්න එපා කියලා, මම ගායනා කරන්නෙ නෑ. කිසිම කෙනෙක්ගෙ ගීතයක් මට එහෙම ගායනා කරන්න අවශ්‍ය නෑ.

මොකද මගේ ම ගීත තියෙනවා. මම කියන්නෙ මේ වගේ වැඩ කරන්න එපා. හේතුව මොකද අකමැත්තෙන් අපි ගීත ගායනා කරන්නෙ නෑ. එදා ආධුනික ශිල්පිනියක් අද මෙහෙම බලපෑම් කරන්නෙ යම්කිසි ආයතනයක මැදිහත්වීමකින්නෙ. මානුෂීයව කතා කළා නම් හරි. මොකද එදා අපි එකට හිනාවෙලා එකට කතා කරලා, සිංදුව ගත්තට ගොඩක් ස්තූතියි, අයියට පිං සිද්ද වෙනවා කැසට් එක්කට දැම්මට කියපු ඇය ම මට වාරණ නියෝගයක් එවනවා ලෝයර් කෙනෙක් හරහා උසාවියට ඇවිල්ලා… අපිට මේක මෙහෙම කරන්න බෑ, අපිට සල්ලි ඕනි කියන තැනට එන්න එපා.

ආධුනිකයෙකුට තව අත දෙන්න තියෙන අවස්ථාව අපෙන් නැති වෙන්නෙ. ඒක නැති වෙලා ඉවරයි. අයිතියක් තියෙනවා, කතෘ භාගය ගෙවන්න ඕනි. ඒක මුලදි සිංදුව හදද්දි කිව්වා නම් මේ වෙනකොට අපි සිංදු ටික මිලට අරගෙන කියන්නෙ. මොකද මේ ප්‍රශ්නෙ එදා තිබුණෙ නෑ. දැන් ප්‍රශ්න මාලාවක් තියෙනවා. කලාකරුවො අපි. අලුගෝසුවො ටයිප් වැඩ කරන කවුරුත් මෙතන නෑ. මේක නොගෙවා ඉන්න කියන තැන අපි කවුරුත් නෑ….”

  • ජනප්‍රිය ගායන ශිල්පි අජිත් මුතුකුමාරණ




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: