2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:33
බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් ආර්ථිකයේ ප්‍රතිලාභයක් ලෙස මෙට්‍රෝ බස් අර්ථ ගැන්වුවත් එය නිකම් හුදු පුරසාරමක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු සඳහන් කළේ මෙට්‍රෝ බස් යනු ජනතාවගේම බදු මුදල් බවයි.
ජනතාව අනේක විධ දුක් ගැහැට විඳිමින් උපයාගත් මුදලින් ගෙවන බදු මුදලින් මෙරටට මෙට්‍රෝ බස් ගෙන ආ බවත්, එය එතරම් ලොකු අරුමයක් නොවන බවත් ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.
ඔහු අවධාරණය කළේ මෙට්‍රෝ යනු වෙනෙකක් නොව ලංකා ගමනාගමන මණ්ඩලයම බවයි.
රජය විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට කෝටි 2ක මුදලක්ද, දුම්රිය සේවාවට දිනකට කෝටි 8ක මුදලක්ද, එයාර් ලංකා ආයතනයට දිනකට කෝටි 2.2ක මුදලක්ද දෙන බව ගැමුණු විජේරත්න සඳහන් කළා.
එමෙන්ම පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ජනතා බදු මුදල් වලින් ඉන්ධන සහනාධාරය ලෙස කෝටි 50ක් දිනකට දෙන බවත් ඊට අමතරව රජය විසින් වතුකරයේ ජනතාවට වේතන ගෙවීමට ජනතා බදු මුදල් වලින් කෝටි 3ක මුදලක් රජය විසින් වෙන් කරන බවයි.
මෙය සැබෑ සංවර්ධනය දැයි යනුවෙන් තමන් රජයෙන් ප්‍රශ්න කරන වග ඔහු පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ IMF වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන බවයි.
“ බිමල් රත්නායක අමාත්‍යවරයා පුරසාරම් දොඩවනවා ආර්ථිකයේ ප්‍රතිලාභයක් තමයි මේ මෙට්‍රෝ කියලා. මෙට්‍රො එයාගේ ගෙදරින් ගෙනැල්ලා දුන්නද දන්නේ නෑ මෙට්‍රෝ බස්. ජනාධිපති අරමුදලෙන් දුන්නද දන්නේ නෑ. එයාගේ ගෙදරින් ගෙනල්ලා දීපු සල්ලිද දන්නේ නෑ මෙට්‍රෝ බස්.
මෙට්‍රෝ බස් කියන්නේ අපේ ජනතාවගේ අපේ බදු මුදල්. අපි දුක් විඳලා හම්බකරන බදු මුදල් වලින් තමයි ඒ ගෙනාවේ. ඉතින් මේක මේ ලොකු අරුමයක් නෙමෙයි. මේ දේ පැහැදිලිව කියන්න ඕනි. මොකද මෙට්‍රෝ කියන්නේ පුන පුනා කියන්නේ ලංගම. ලංගම 40%යි. මහා භාණ්ඩාගාරේ 60%යි. මේ මිනිස්සුන්ට පිටට කියනවා මේ පෞද්ගලික ආයතන. පෞද්ගලික කිසිසේත්ම ආයතනයක් නෙවෙයි මේ. මේක රජය සතු ලංගම. මේ ලංගමට දිනකට කෝටි 2ක් දෙනවා අපේ ජනතාවගේ සල්ලි දිනකට මම මේ කියන්නේ වගකීමෙන් කියන්නේ කෝටි 2යි.
එතකොට දුම්රියට දෙනවා කෝටි 8ක් දිනකට. එතකොට මම දැක්කා පහුගිය කාලේ එයාර් ලංකා එකට කෝටි 2.2ක් දෙනවා මේ දිනකට. එතකොට දැන් ඉන්ධන වලට සහනාධාරය දවසකට කෝටි 50ක් දෙනවා. එතකොට වතුකරයේ ජනතාවට පඩි ගෙවන්න අපේ සල්ලිවලින් කෝටි 3ක් විතර දෙනවා. එතකොට මේවත් එක්ක බලන් ගියාම රටක් ඉතුරුවෙයිද? මොන සංවර්ධනයක්ද? ඉතින් ඒක පැහැදිලිව කියන්න ඕනි.
මේ පුරසාරම් දොඩවලා අපේ මුදල් වලින්, අපේ බදු සල්ලි වලින් පුරසාරම් දොඩලා හරියන්නේ නෑ. මේ වෙලා තියෙන්නේ කවුරුත් ආයෝජකයෝ ආවේ නෑ මේ ලංකාවට. ආයෝජකයෝ එන්නෙත් නෑ. ඉතින් මේ අර රනිල් මහත්තයා කරපු වැඩ ටික ඇදගෙන යනවා එතුමා කරපු අවුරුදු දෙකේ වැඩපිළිවෙළ IMF වැඩපිළිවෙළ ඇදගෙන ගිහිල්ලා, මිනිස්සුන්ගෙන් බදු එක්කහු කරලා කියනවා අපි මේ වැටිච්ච රටක්. ඉතින් ඒ බොරු කියන සම්ප්රදාය තුළ තමයි අපි මේ කියන්නේ මේ බොරුව කවදාවත් රජ කරන්නේ නෑ.
ඒක මුසාවාදය පන්සිල් පද 5හෙත් තියෙනවා බොරු කියන්න එපා කියලා. පැහැදිලිව කියන්නේ ආණ්ඩුවට මේ කරන වැඩපිළිවෙළින් අනිවාර්යයෙන්ම ආර්ථිකය බරපතල හානියක් සිදුවෙනවා. ඉතින් මේක තමයි ඇත්ත තත්වය.”
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:31
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 02, පෙ.ව. 12:03
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
27-09-26
27-09-26
24-09-26
24-09-26
23-09-26
23-09-26
22-09-26
22-09-26