2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
ගීතවල කතෘභාගය (Royalty) ගෙවීම ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවනේ. නිර්මාණකරුවාගේ අයිතිය වෙනුවෙන් පැත්තක් කතා කරද්දී, තවත් පැත්තකින් ඒ වෙනුවෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ඔය අස්සේ තමයි රසිකයන්ගේ ආදරය දිනාගත්ත ප්‍රවීණ පද රචකයෙක් වෙන මහින්ද කේ. ප්‍රේමසිරි මහත්මයා අපූරු, ඒ වගේම හිතට හරිම තදින් දැනෙන සටහනක් ෆේස්බුක් එකට එකතු කරලා තිබුණේ.
ඒ සටහන යොදලා තිබ්බේ අපි කවුරුත් ආදරය කරන ජ්‍යෙෂ්ඨ ගායක සේනානායක වේරලියද්ද මහත්මයා වෙනුවෙන්.
ගීත සිය ගණනක් ලියපු, සේනානායක වේරලියද්දයන්ගේ සංගීත ගමනට අඩිතාලම දාපු නිර්මාණකරුවෙක් විදියට මහින්ද කේ. ප්‍රේමසිරි මහත්මයාට කියන්න ලොකු කතාවක් තියෙනවා. ඒ කතාවේ සල්ලිවලට වඩා තියෙන්නේ පොඩි කලකිරීමක් එක්ක මුසු වුණු ආදරණීය ඉල්ලීමක්.
ඔන්න බලන්නකෝ එතුමා තබපු ඒ සටහන
”වේරා
උඹගෙ කතෘභාගය මට එපා
වේරා උඹේ පළමු එක පුද්ගල වේදිකා ප්‍රශංගයට (සංබරාවය) ගීත (21) ක් ලීවෙ මම.
උඹේ පළමු ටෙලි නාට්‍ය ගීතය – (ෂෙරොඩී ජයසූරියගේ ටෙලි නාට්‍ය) ලීවෙත් මම. කුරුලු පිහාටු තමයි උඹේ පළමු චිත්‍රපට ගීතය. ඒක ලිව්වෙත් මම. මචං උඹ මගේ ගීත කීයක් නම් ගායනා කලාද? මට දුක උඹට ඒ ගීතවල අන්තර්ගතය අදටවත් නොතේරෙන එක ගැනයි.
ඔය උඩඟුකම නැතුව ස්ටේජ් එකෙන් පහලට බැහැපං . මට සල්ලි එපා. මගේ සින්දුවක් කියලා බහිනකොට මේක ලිව්වේ මහින්ද කේ ප්‍රේමසිරි කියලා බලපන්. ඒ ඇති. උඹගෙ කතෘභාගය මට එපා – මහින්ද කේ ප්‍රේමසිරි”
සල්ලි, කතෘභාගය කියන දේවල් ඉස්සරහ නිර්මාණයක නියම වටිනාකම මැනෙන්නේ කොහොමද කියන එක ගැන මේ සටහනෙන් ලොකු ප්‍රශ්නාර්ථයක් අපේ හිත්වල ඉතිරි කරනවා. කලාකරුවෙක්ට සල්ලිවලටත් වඩා වටින්නේ තමන්ගේ නිර්මාණයට ලැබෙන ඇගයීම නේද? “මේක ලිව්වේ මම” කියලා පුංචි මතක් කිරීමක් විතරක් ඉල්ලන මේ හිත්වල තියෙන නිහතමානීකම අද කාලේ කොච්චර දුර්ලභද?
ඒ විතරක් නෙවෙයි සේනානායක වේරලියද්ද ගායනා කරන අතිශය ජනප්‍රිය ගීත වන ”කොහේ කොතැනක” ”පුංචි දඟකාරියේ” “ඩිංගි නගෝ” වගේ ගීතත් රචනා කරලා තියෙන්නේ මහින්ද කේ ප්‍රේමසිරි මහතා විසින්..
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:04
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26
30-09-26