hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 02, ප.ව. 9:02



මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (Lanka Metro Transit) සමාගම මහජනතාව වෙත දැනුම් දෙනවා.

මෙට්‍රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා කුලියට ලබාදීම හෝ කිසිදු ආකාරයකින් වෙන්කරවා ගැනීම සඳහා මෙතෙක් කිසිදු පහසුකමක් සපයා නොමැති බවයි එම සමාගම අවධාරණය කරන්නේ.

එබැවින්, මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, මෙට්‍රෝ බස් සේවාවන් පිළිබඳ නිවැරදි හා නිල තොරතුරු ලබා ගැනීම සඳහා ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් හි නිල සන්නිවේදන මාධ්‍ය පමණක් අනුගමනය කරන ලෙසත් මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: