2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:19
දුෂේනි – චතුරංග ඊයේ (05) සිය ජීවිත කතාවේ ආදරණීය ම පරිච්ඡේදය ඇරඹුවා. ඔවුන් විවාහ දිවියට එළඹුණා.
මේක බොහෝමයක් දෙනා පුදුම කරමින් සිදුවුණු විවාහයක් කිව්වොත් හරි. ආදර කතාව බාහිර ලෝකයාගෙන් පරිස්සම් කරගෙන, විවාහක යුවළක් හැටියට ම දෙන්නා එළියට එනවා.
දුශේනි මියුරංගි – චතුරංග කොඩිතුවක්කු කියන්නෙ මේ වෙද්දි පුංචි තිරයේ ජනප්‍රියම තරු යුවළ කිව්වොත් හරි.
දෙන්නව ජෝඩු කරලා තිබුණෙත් කලාව ම තමයි. ඒකයි විශේෂත්වය.
මේ, ඒ ගැන කියන දුෂේනි….
”අපිට ජීවිතේ හරි කෙනා මුණගැහුණාම, සාමකාමී ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා දැනුණාම,
කසාද ජීවිතයකට යන එක… තමන්ගෙ අනාගත ජීවිතේ හොඳ සහකරුවෙක් එක්ක බෙදාගන්න ලැබෙන එක හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒක වාසනාවක්.
අපි දෙන්නා මුණගැහිලා ලොකු කාලයක් නෑ. එයාට මාව තේරෙනවා, මට එයාව තේරෙනවා කියන එක තේරුම් ගත්තා. අපි දෙන්නා ‘ජහුටා’ ටෙලි නාට්‍යයෙන් තමයි හම්බුණේ.
එයා එච්චර කලබල නැති සාමකාමී පුද්ගලයෙක්නෙ. මම ආස වුණේ ඒ ගතිගුණවලට.
ජීවිත කාලෙ ගත කරන්න ඒ සාමකාමී බව වැදගත්. මට එයා ගැන ඇති වුණේ, ඒ පැහැදීම. එයා හරියට ඉවසන කෙනෙක්.
මට දැනෙනවා මමත් හරි සාමකාමී වෙලා කියලා. ඒ කාලේ හිතපු විදියට නෙවෙයි මම දැන් හිතන්නෙ. අපි වයසත් එක්ක හැමදේම තේරුම් ගන්නවා.”
විවාහයෙන් පස්සෙ දෙන්නගෙ සැලසුම් ගැනත් දුෂේනි මේ විදියට කියලා තිබුණා…
”ගෙවල් දෙකක් තිබුණා අපිට, වෙඩින්ග් එකෙන් පස්සෙ අපි එක ගෙදරකට යනවා. අම්මත් කිව්වා චාරිත්‍රානුකූලව ගෙදරට යන්න කියලා. අපේ පුංචි ලෝකෙ අපි ආස විදියට පටන් ගන්න… මට ඒකට ආසාව තිබුණා. ඒ නිසා තාම ඒ ගෙදරට ගියේ නෑ. ඒක නිසා ලස්සනට කිරි උතුරවලා, එයා ගෘහ මූලිකයා මම වයිෆ් විදියට ඒ ගෙදරට යනවා…..”
උපුටාගැනීම් : Rangana De Silva සමඟ කළ කතාබහක් ඇසුරින්
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 4:06
2026 ඔක්‍තෝබර් 05, ප.ව. 3:49
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 11:32
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:51
2026 ඔක්‍තෝබර් 05, පෙ.ව. 10:49
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26