hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 06, ප.ව. 5:22



”අද ජාතියක් ලෙස අපි ලැජ්ජා විය යුතු කාරණයක් පිළිබඳවත් කතා කළ යුතුයි. අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමක් අන්දවා තිබෙන ආකාරය. මෙහිදී අපි කියන කාරණය වන්නේ ඥානසාර හිමියන්ගේ මතවාද පිළිබඳව නොවෙයි. අපි ඒ මතවාද පිළිබඳව කතා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නේ නැහැ.” යනුවෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාධුගොඩ මහතා ප්‍රකාශ කර තිබේ

ඒ වගේම එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්,

“ඒ වගේම අද ජාතියක් ලෙස අපි ලැජ්ජා විය යුතු කාරණයක් පිළිබඳවත් කතා කළ යුතුයි. අපි සමාජ මාධ්‍ය ඔස්සේ දැක්කා ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමක් අන්දවා තිබෙන ආකාරය. මෙහිදී අපි කියන කාරණය වන්නේ ඥානසාර හිමියන්ගේ මතවාද පිළිබඳව නොවෙයි. අපි ඒ මතවාද පිළිබඳව කතා කිරීමට මෙය අවස්ථාවක් කරගන්නේ නැහැ.නමුත් ප්‍රශ්නය තිබෙන්නේ සිවුරට අත තැබීම පිළිබඳවයි. ඔබේ ආණ්ඩුව විසින් සිවුරට අත තබා ඇති බවට චෝදනා එල්ල වනවා. එහිදී අත තබා තිබෙන්නේ පුද්ගලයෙකුට පමණක් නොවෙයි; බෞද්ධ භික්ෂුවක් දරන කසාවතටයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදෙන බව සඳහන් වෙනවා. වසර 2,500කට අධික බෞද්ධ ඉතිහාසයක් සහිත මේ රටේ, බුදුදහම ඉදිරියට ගෙන යන ස්වාමීන් වහන්සේලාගේ කසාවතට අත තබන්න පුළුවන්ද? පුද්ගලයෙකුගේ මතවාදයක් සමඟ එකඟ නොවීම වෙනම කාරණයක්. නමුත් භික්ෂුවකගේ සිවුරට, එනම් කසාවතට අත තැබීම පිළිබඳව අපි ජාතියක් ලෙස බරපතළව සිතා බැලිය යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: