hit counter

2026 ඔක්‍තෝබර් මස 09 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13



පසුගිය දිනවල පැවැත්වුණු මංගල උත්සව කිහිපයක් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඇතැම් නරක කමෙන්ට්ස් සහ මඩ ප්‍රහාර පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා වීඩියෝවක් එක්කරමින් ඉතාමත් සෘජු හා හැඟීම්බර අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් පටන් අරගෙන තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බැඳලා ඒගොල්ලන්ගේ ඡායාරූප සෝෂල් මීඩියා හරහා දැම්මහම අපේ අයට ඉන්න බෑ. අපේ අය ගිහිල්ලා නරක කමෙන්ට්ස් ගිහිල්ලා මේ අයගේ මංගල උත්සවය ගැන නැත්නම් ඒ බැඳපු අය ගැන මොනවා හරි දානවා.

ඇයි මේ? ඒ කියන්නේ ඇයි අපිට මේ මංගල උත්සවය දිහා බලලා ඒ ඒ බැඳපු අය වෙනුවෙන් සතුටු වෙන්න බැරි? ඇයි අපි ඒ ඒගොල්ලෝ ගත්ත අදිටන ගැන සතුටු වෙන්න බැරි? ඔබට ඔබගේ ජීවිතයේ, ඔබගේ විවාහයේ, ඔබගේ සම්බන්ධතාවල සතුටු නැති වෙන්න පුළුවන්. නමුත් ඒ කරුමය නැත්නම් ඒ කැත සිතුවිලි ගිහිල්ලා වෙනත් අයට දාන්න හදන්න එපා, නේද? ඒක හරි පවක්.

ඔබ කාගේ හරි මංගල උත්සවයක ඡායාරූපයක් දැක්කොත්, ඔබට බැරි නම් ඒ කෙනා වෙනුවෙන් සතුටු වෙන්න, නැත්නම් ඔබ ඒගොල්ලන්ගේ මංගල උත්සවයට කැමති නැත්නම්, ඒගොල්ලෝ ඇඳපු විදියට කැමති නැත්නම්, ඒ දේ ඒ අදහස තමුන් එක්කම තියාගෙන ඉන්න. ඒ මිනිස්සු ඒ පින්තූර ෂෙයාර් කරලා තියෙන්නේ ඒගොල්ලන්ට ලස්සන හින්දානේ, ඒගොල්ලන්ගේ සතුට ඔබත් එක්ක බෙදාගන්න කැමැත්තෙන් හිටපු නිසානේ. ඉතින් ඇයි ඒ ගිහින් හිත ගිහින් රිදවන්න හදන්නේ? අපේ සාමාන්‍ය හැදියාව මේ මෙච්චරට වැටිලා තියෙන්නේ.

කෙනෙක්ගේ විවාහයක් විහිළුවක් හැටියට ගන්න එපා. ඒක ඒගොල්ලෝ ගොඩාක් සැහැල්ලුවෙන් ගත්ත තීරණයක් නෙමෙයිනේ. කෙනෙක්ව වෙනත් කෙනෙක්ව බාරගන්න එක ඒගොල්ලන්ගේ ජීවිතයට… අපි ඒ අයට සුබ පතන්න ඕන. ඇත්ත තමයි, අපි පාර පනින්න කලින් අපි දෙපැත්ත බලන්න ඕන තමයි. නමුත් අපි විවාහයකට යනවා නම් ඒ ජීවිතය නිර්මාණය කරද්දී ඇත්තටම දෙන්නෙකුට වෙලාවක් නැහැ මේ අය මොනවාද මේ ගැන හිතන්නේ, මේක කරොත් මේක වැරදියි, මේ කෙනා මේ විදියට ඒක බාරගනීද කියලා හිතන්න, නේ?

ඒ ජීවිතයේ ඇත්තටම අලුත් ජීවිතයක් නිර්මාණය කරනකොට ඒ අයට ඒ ජීවිතය ගලාගෙන යන්න අපි ඉඩ දෙන්න ඕන. ඇයි අපි ඒ ජීවිතයට බාධාවක් කරන්න හදන්නේ? ඇයි අපි ඒ අලුත් ජීවිතයට කරදරයක් දෙන්න හදන්නේ? ඒගොල්ලන්ට ඒ නිදහසේ ඒ ජීවිතය ගෙනියන්න දෙන්න. ඔබ නෙවෙයිනේ ඒගොල්ලන්ගේ ජීවිතය ගෙවන්න යන්නේ, ඒගොල්ලෝ තමයි ඒ ජීවිතය ගෙවන්න යන්නේ. ඉතින් ඒ ජීවිතය ඒගොල්ලන්ට ගෙවන්න දීලා, ඒගොල්ලන්ට ඒ ජීවිතය ඒගොල්ලන්ට කැමති විදියට නිර්මාණය කරන්න දීලා, ඔබ ඔබගේ ජීවිතයේ ගිහිල්ලා ලස්සනට හදන්න.

මිනිස්සු ගොඩක්ම මේ නරක කමෙන්ට්ස් ගිහිල්ලා මෙයාගේ පෝස්ට්වල දාන්නේ ඒ අයව නිකන් හොඳ මිනිස්සු හැටියට මිනිස්සුන්ට පෙන්නන්නනේ. පාරේ ඉන්න දුප්පත් මිනිහෙක්ට ගිහිල්ලා කෑමක් හරි සල්ලි හරි ගිහිල්ලා දෙන්න, ඒගොල්ලන්ගේ ජීවිතය ලස්සන කරන්න. ඒක ඊට වැඩිය ලොකු පිනක්, ගිහිල්ලා ඔය කමෙන්ට් දානවාට වැඩිය කාටහරි සහනයක් වෙන්න. ඒ වගේ දෙයක් කළොත් ඔබට දෙවියන්ගේ ඔබට හිතාගන්න බැරි ඉහළින්ම ලොකු ප්‍රතිචාරයක් ලැබේවි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: