2026 ඔක්තෝබර් 13, පෙ.ව. 10:03
ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් නැගූ චෝදනා සහ විවේචන පදනම් කරගනිමින්, තාවකාලිකව සියලුම බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත.
ඔක්තෝබර් 12 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් ACPOSL සඳහන් කර ඇත්තේ, 2026 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සිය වාර්ෂික මහා සභා රැස්වීම (AGM) දක්වා බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බවයි.
පසුගිය සති කිහිපය තුළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්වකරුවන්ගෙන් ලැබුණු අදහස් සහ ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව එම සංගමය පවසයි.
සිදුවූ යම් අපහසුතාවයක් වේ නම් ඒ පිළිබඳව කණගාටුව පළකරන ACPOSL සංගමය, ජනමාධ්‍ය හමු අතරතුර සිදුවූ ප්‍රකාශයන්ගෙන් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ට යම් සිත් රිදවීමක් හෝ අපහසුතාවක් සිදුවූයේ නම් ඒ වෙනුවෙන් ද සිය කණගාටුව ප්‍රකාශ කර සිටී.
තමුන් යෝජනා කළ බලපත්‍ර රාමුව සහ ඊට අදාළ ගාස්තු සංශෝධනය කිරීම හා සමාලෝචනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ නියෝජිතයන් සමඟ විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කරන බව ද එම සංගමය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වන්නේ පාර්ශ්වකරුවන් මතුකළ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ යහපත සැලසෙන පරිදි නව රාමුවක් සකස් කිරීමයි.
එම සාකච්ඡාවලින් පසුව, සංශෝධිත රාමුව නොවැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික මහා සභා රැස්වීමේදී ACPOSL සාමාජිකයන්ගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.
අවශ්‍ය අනුමැතිය සහ නීතිමය පියවරයන්ගෙන් අනතුරුව, එම සංශෝධිත රාමුව ගැසට් පත්‍රයේ පළ කිරීමට සංගමය බලාපොරොත්තු වේ.
නිර්මාණකරුවන්, කතුවරුන් සහ ප්‍රකාශකයන් වෙනුවෙන් වඩාත් සාධාරණ, පාරදෘශ්‍ය සහ තිරසාර පද්ධතියක් ස්ථාපිත කිරීම මෙන්ම සමස්ත විනෝදාස්වාද ක්ෂේත්‍රයට ශක්තියක් වීම සිය මූලික අරමුණ බව ACPOSL නැවතත් අවධාරණය කරයි.
එමෙන්ම, මෙම තාවකාලික අත්හිටුවීම මගින් සංගමයේ දැනට පවතින අයිතිවාසිකම්, නීතිමය පිළියම් හෝ නීතිමය තත්ත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
මෙම වැඩපිළිවෙළ කෙරෙහි නැවත විශ්වාසය ගොඩනැගීම සඳහා නිර්මාණකරුවන්, ප්‍රකාශකයන්, සංගීතඥයන්, උත්සව සංවිධායකයන්, ස්ථාන හිමියන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන ලෙස ACPOSL සංගමය ඉල්ලා සිටී.


2026 ඔක්තෝබර් 13, පෙ.ව. 11:51
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 11:40
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 8:14
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26