hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 14, පෙ.ව. 12:12



දුශේනිගේ සහ චතුරංගගේ විවාහ මංගල්‍යයේ දෙවන දිනය තිබුනා.

ඔන්න ඉතින් මේකෙදි චතුරංග කියපු සින්දුවක් නිසා සහ ඒ වෙලාවේ දුෂෙනි කරපු දෙයක් නිසා හැමෝම කවි ගී ලියන්න අරගෙන

“ඇහි පිල්ලමක් නොගහා චතු දිහා බලාගෙන සින්දුව ඉවර වෙනකම්ම හිටියේ ආදරේ නිසා ”

මෙන්න මේ කතාවට තනුජා ලුම්බිණි අපුරු සටහනක් තබා තිබුනා

එම සටහන පහතින්,

“ෂූට් එකක් හරි මොකක් හරි වෙන්න පුලුවන් කියලා මම දුෂේනි චතුරංග වෙඩින් එක ගැන වචනයක්වත් ලිව්වෙ නෑ. හැබැයි ඒක ඇත්තම වෙඩින් එකක් කියල දැන් දන්නවා..
දුෂේනි කියන්නේ මම දැකපු පුදුමාකාර ලස්සන ඒ ලස්සනත් එක්කම යන දක්ෂකමෙන් පිරිච්ච කෙල්ලෙක්.
තමන් ආදරේ කරන තමන්ට ආදරේ කරන සැමියෙක් ලැබීම තරම් පිනක් ගැහැනියකට තව තියෙන්න බෑ. මිතුරු පිරිසක් වට කරගෙන එක මොහොතකටවත් දුෂේනිගෙ අත අත නෑර චතුරංග සිහින දෙව්දුවේ සිංදුව කියනකොට දුෂේනිගෙ ඇස් ආදරෙන් ඉතිරිලා යනවා. කැමරා සිය ගාණක් තමන්ට එල්ල උනත් දුෂේනි ඒ කිසිම කෙනෙක් දිහා බලන්නෙ නෑ. එයා හිස හොලව හොලව බලාගෙන ඉන්නෙ චතුරංග දිහා
සෝෂල් මීඩියාවලට පේන්න ආදරේ කරන , ලොකු වෙඩින් ගන්න ආදරේ නම් මේකයි ආදරේ නම් මේ දෙන්නා වගේ වෙන්න ඕනෙ කියන දාහක් කතන්දර රූප රාමු අපි දැකල තියෙනවා.සදාකාලිකව රැකෙන්න ඕනෙයි කියලා ගිවිසෙන සුබ පතන දාහක් කතන්දර ටික දවසකින් නිමා වෙනවා .එක මග යන දෙන්නෙක් කාලයක් ගිහින් අනිකාගෙන් වෙන් වෙලා තමන් ආස පාරක යනවා.ජීවිත එහෙම තමා.කිසිවක් සදාකාලෙටම වලංගු නැහැ.
ඒත් මේ තරම් ආදරේ පිරුණ ආදරේ දැනෙන දකිද්දිත් හිත නිවෙන මූණට හිනාවක් ගේන පෙම්වත් ජෝඩු වලට කිසිම දවසක විප්‍රයෝගී දුක දැනෙන්න එපා.
එයාලා දවසින් දවස ආදරෙන් පිරෙන්න ඕනෙ.
ආදරේ එක්ක ජීවත් වෙන්න ඕනෙ
දුෂේනි – චතුරංග කැදැල්ල සදාකාලෙටම ආදරයෙන් පිරිලා ඉතිරිලා යන්න ඕනෙ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: