hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:00



බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර, ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මාතර, ගාල්ල, බදුල්ල, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: