hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 19, පෙ.ව. 7:31



බොලිවුඩ් නළු ටයිගර් ශ්‍රොෆ් ඉලක්ක කරගෙන ඊයේ රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මුම්බායි හි ජුහූ ප්‍රදේශයේ පාපන් දු ක්‍රීඩාංගණයකින් ඔහුගේ මෝටර් රථය පිටතට ගන්නා අවස්ථාවේ පුද්ගලයන් තිදෙනකු පැමිණ පිස්තෝලවලින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි සඳහන්. මෙම දර්ශන දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයන් හි සංසරණය වෙමින් පවතිනවා.

මෙම වෙඩිතැබීමෙන් පසු අදාල පුද්ගලයන් යතුරුපැදිවල නැගී පළාගොස් තිබෙනවා.

ටයිගර් ශ්‍රොෆ්ට වෙඩිතැබීමෙන් තුවාල සිදුව නැහැ. ඔහුගේ රියැදුරා සහ ඔටෝ රික්ෂෝ (ත්‍රීරෝද රථ​) රියැදුරකු තුවාල ලබා ඇතැයි වාර්තා වුණා.

මෙම ප්‍රහාරය පිළිබඳ ලෝරන්ස් බිශ්නෝයි කල්ලියේ සාමාජිකයකු සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත්කළ හඬපටයක් මගින් වගකීම බාරගෙන තිබෙනවා. මුම්බායි පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.