2026 ඔක්තෝබර් 19, පෙ.ව. 11:24
පසුගිය 17 වනදා දිවයින පුරා සිදු වූ පූර්ණ විදුලි බිඳවැටීම හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ සමස්ත පාඩුව රුපියල් කෝටි 400 (බිලියන 4) ඉක්මවන බව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ, පැය හතකට අධික කාලයක් පැවැති මෙම විදුලි ඇනහිටීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට පමණක් රුපියල් මිලියන 400කට වැඩි පාඩුවක් සිදු වී ඇති බවයි.
මෙරට දළ ජාතික නිෂ්පාදනයෙන් 15%–20% අතර ප්රමාණයකට විදුලිබල පද්ධතිය සෘජුවම දායක වන බැවින්, රටේ සමස්ත ආර්ථිකයට සිදුවූ හානිය ඊට දස ගුණයකින් වැඩි වන බව ද ඔහු පෙන්වා දෙයි.
ස්වාභාවික අනතුරු හා තාක්ෂණික හේතූන් මත විදුලිය බිඳවැටීම් සිදු විය හැකි වුවද, මුළු රටම අඳුරේ වැටීම වැළැක්වීම සඳහා 2019 වසරේ සිට විශාල මුදලක් වැය කරමින් ‘පද්ධති නියාමන මධ්යස්ථානයක්’ ඉදිකර පවත්වාගෙන යන බව හිටපු අමාත්යවරයා සිහිපත් කරයි.
මෙවර බිඳවැටීමට හේතුව පුත්තලම ලක්විජය බලාගාරයේ ඇති වූ දෝෂයක් බවට නොනිල ආරංචි මාර්ග සඳහන් කරන බවත්, 2025 පෙබරවාරි 09 වනදා ද මෙවැනිම සිදුවීමක් වූ අතර ඊට අදාළව කිසිදු අභ්යන්තර හෝ බාහිර පරීක්ෂණයක් සිදු කර වැරදිකරුවන් හඳුනා ගැනීමට කටයුතු නොකළ බවත් ඔහු චෝදනා කරයි.
එබැවින් විදුලිබල මණ්ඩලයට සහ සමස්ත රටේ ආර්ථිකයට මෙතරම් අතිවිශාල පාඩුවක් සිදුකළ වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බලා, ස්වාධීන පරීක්ෂණයක් පවත්වා දඬුවම් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත්, මෙම විදුලි බිඳවැටීම් මුල් කරගනිමින් සූර්ය බලශක්තිය කප්පාදු කිරීමට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සැමගේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2026 ඔක්තෝබර් 19, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 10:48
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:13
12-10-26
12-10-26
06-10-26
06-10-26
02-10-26
02-10-26
22-09-26
22-09-26
07-09-26
07-09-26