2026 ඔක්තෝබර් 23, ප.ව. 1:14
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය පුත්රයා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ කරුණු ඇතුළත් ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.
මේ දිනවල පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් පසුවන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්රකාශයක් පදනම් කරගනිමින් ඔහුගේ ලේකම්වරයෙකු විසින් මෙම ලිපිය කෙටුම්පත් කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක විසින් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවකදී මෙම ලිපිය ඔහු වෙත භාර දී ඇති බවයි.
එම ලිපිය මඟින් හිටපු ජනාධිපතිවරයා සිය පුතුට අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිවක් කෙරෙහි නොව අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි.
2010 වසරේදී නාමල් දේශපාලනයට පිවිසීමට අවසර ඉල්ලූ අවස්ථාවේදී තමන් ඊට අවසර දුන්නේ “සිරගත වීමට සහ දුක් විඳීමට සූදානම් නම් පමණක්” බවද මහින්ද රාජපක්ෂ මෙහිදී සිහිපත් කර ඇත.
තමන්ද දේශපාලන ගමනේ මුල් සමයේ පදනම් විරහිත චෝදනා මත බන්ධනාගාරගත වූ බව එහි දක්වා තිබේ.
තමන් සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මේ වන විට නවලෝක රෝහලේ ප්රතිකාර ලබන බවත්, යෝෂිත සහ රෝහිත පුතුන් දෙදෙනා තමන්ගේ සුවදුක් සොයාබලන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් එම ලිපියෙන් නාමල් වෙත දැනුම් දී ඇත.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.
රෝහල්ගතව ප්රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලේකම්වරයෙකු විසින් සකස් කළ මෙම ලිපිය, පාර්ලිමේන්තු මන්ත්රී ඩී. වී. චානක මහතා මාර්ගයෙන් නාමල් රාජපක්ෂ මහතාට භාරදී ඇති බවයි මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
අධිකරණය කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත්, සිරගතවීමට සහ දුක් විඳීමට සූදානමින් දේශපාලනයේ නිරත විය යුතු බවත් මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියෙන් සිය පුත්රයාට උපදෙස් ලබාදී ඇති බව පැවසෙනවා.
නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේදී දේශපාලනයට පිවිසි අවස්ථාවේ තමන් ලබාදුන් අවවාදයක්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කර ඇති බව සඳහන්.
ආදරණීය නාමල්!
ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.
මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.
දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.
මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්රමයයි. සම්ප්රදායයි.
මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.
ඔබට තෙරුවන් සරණයි!”
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:47
2026 ඔක්තෝබර් 23, ප.ව. 1:43
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:21
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:16
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 11:14
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26