hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:33



ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා පවතින අර්බුදය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම නිවේදනය පහතින්..

“ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා පැවැත් වූ සත්‍ය ග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

හිටපු අග්‍ර විනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාගේ නිගමනයට අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට උපරිම සිර දඬුවම් කාලය මාස 18 කි. එම වරදට ඥානසාර හිමියන් මාස 10 කට අධික කාලයක් බන්ධනාගාර ගතව සිට ඇත.

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට එදා පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහිද ජනාධිපති සමාවක් යළි උන්වහන්සේ වෙත පිරිනැමීමට සලකා බැලිය හැකි බව සඳහන්ය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පාගමනට සහ සත්‍ය ග්‍රහයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිවද උසාවි නියෝග ලබා ගැනීමට රජය ක්‍රියා කරනු ලැබීය. මේවා නොවිය යුතු බරපතළ වැරදිය. එසේම උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට නියෝග දුන් අය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුය.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ද මැදිහත් වීම යටතේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුධය අවසන් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය දැඩිව අවධාරණය කර සිටී.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: