hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:19



සමාගම්, ජංගම දුරකථන යෙදුම් (Apps) සහ ඊට සම්බන්ධ ආයතන 27ක් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83(ඇ) වගන්තිය යටතේ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

පුළුල් විමර්ශනයකින් අනතුරුව ‘මැක්ස් ඇප් මීඩියා’ (Max App Media Ltd.) සමාගම, එහි අනුබද්ධිත ‘මැක්ස් එල්කේ’ (Max LK (Pvt) Ltd.) සහ ‘මැක්ස් මීඩියා ලංකා’ (Max Media Lanka (Pvt) Ltd.) යන සමාගම් විසින් තහනම් පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉහත සඳහන් කළ නීතිමය විධිවිධාන යටතේ තවත් සමාගම්, යෙදුම් සහ ආයතන රැසක් ද තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති බවයි.

මෙම විධිවිධානය යටතේම පහත සඳහන් සමාගම්, යෙදුම් සහ ආයතන ද තහනම් කරන ලද (පිරමීඩ) යෝජනා ක්‍රම ලෙස තීරණය කර ඇතැයි මහබැංකුව සඳහන් කරයි.

එම සමාගම්, යෙදුම් සහ ආයතන 27 පහතින්,

1. Tiens Lanka Health Care (Pvt) Ltd

2. Best Life Inteational (Pvt) Ltd

3. Mark-Wo Inteational (Pvt) Ltd

4. V M L Inteational (Pvt) Ltd

5. Global Lifestyle Lanka (Pvt) Ltd

6. Fast3Cycle Inteational (Pvt) Ltd

7. Sport Chain app and Sport Chain ZS Society Sri Lanka

8. OnmaxDT

9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka and MTFE DSCC Group

10. Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet / Questnet

14. Era Miracle (Pvt) Ltd and Genesis Business School

15. Ledger Block

16. Isimaga Inteational (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore Inteational (Pvt) Ltd / Netrrix

22. Pro Care (Pvt) Ltd and Shade of Procare (Pvt) Ltd

23. SGO / sgomine.com

24. I.C.A.N. Advertising (Pvt) Ltd

25. Infinity Rover (Pvt) Ltd

26. TM App

27. Max App Media Ltd and





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: