2026 ඔක්තෝබර් 28, ප.ව. 7:44
තමන් වාහන ආනයන බදු වංචාවක් සම්බන්ධයෙන් වරද පිළිගත් බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්ය හා නොමඟ යවනසුලු බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු පවසයි.
2026 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී කැඳවූ තමන්ට අදාළ නඩුව සම්බන්ධයෙන් මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
එම නඩුවේදී තමන්ට එරෙහිව මෝටර් රථ ආඥාපනත යටතේ චෝදනා තුනක් පමණක් ගොනු කර ඇති බවත්, අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරිත්වය හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බවත් ඔහු අවධාරණය කරයි. තවද, අදාළ මෝටර් රථයේ හිමිකරු තමන් නොවන බවද ජොන්ස්ටන් ප්රනාන්දු සිය නිවේදනයෙන් පැහැදිලි කර තිබේ.
මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වන නීතිමය චෝදනාවකට වරද පිළිගැනීම සහ වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම එකිනෙකට වෙනස් කරුණු දෙකක් බව පෙන්වා දෙන ඔහු, එම කරුණු පටලවා ගනිමින් වාර්තා පළ කිරීමෙන් ජනතාව නොමඟ යා හැකි බව සඳහන් කරයි.
එමෙන්ම, අදාළ මෝටර් රථය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයාට එරෙහිව ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේදී මෝටර් රථ ආඥාපනත යටතේ නඩුවක් පවරා ඇති බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ඒ අනුව, තමන්ට එරෙහිව ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් ඇති නොවන පරිදි අදාළ මාධ්ය වාර්තා නිවැරදි කරන ලෙස ජොන්ස්ටන් ප්රනාන්දු සියලු මාධ්ය ආයතනවලින් ඉල්ලා සිටියි.
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:28
2026 ඔක්තෝබර් 29, ප.ව. 3:08
2026 ඔක්තෝබර් 29, ප.ව. 2:42
2026 ඔක්තෝබර් 29, ප.ව. 12:46
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 11:33
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26