hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:04



ශ්‍රි ලංකා තේ මණ්ඩලය විසින් ඉකුත් වසර 15ක (2011-2025) කාලය තුලදි තේ නිෂ්පාදන හා ප්‍රවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි 1733ක මුදලක් වැයකොට තිබුණද ගෝලිය වෙළදපොළ තුල මෙරට තේ වලට හිමි කොටස ක්‍රමිකව අහිමිවෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මෙරට මුළු තේ නිෂ්පාදනය හා  අපනයනය ක්‍රමිකව වර්ධනය නොවිම හේතුවෙන් 2011 වර්ෂයේ  සියයට 7.4ක් වු ගෝලිය තේ නිෂ්පාදන කොටස 2025 වර්ෂයේ දි සියයට 3.7 දක්වා පහළ ගොස් තිබුණි.

සියයට 17.1ක් වු ගෝලිය තේ අපනයන වෙළදපොළ කොටස 2025 වර්ෂය වනවිට සියයට 12.6 දක්වා පහළ ගොස් ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

තේ මණ්ඩලය විසින් මෙරට තේ කර්මාන්තය දියුණු කිරිමේ අරමුණ යටතේ තේ නිෂ්පාදනය සදහා පසුගිය වසර 15ක කාලය තුලදි  11,652,685,751 මුදලක්  වැයකොට තිබුණි.

ප්‍රවර්ධන කටයුතු සදහා වැයකොට ඇති මුදල රුපියල් 5,679,154,334කි.

මේ සම්බන්දයෙන් ශ්‍රිලංකා තේ මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අනිකුත් තේ නිෂ්පාදනය කරණු ලබන රටවල් වන චිනය, ඉන්දියාව, කෙන්යාව සහ  අප්‍රිකානු රටවල් ශ්‍රිලංකාවට සාපේක්ෂව තම තේ නිෂ්පාදනය සැලකිය ප්‍රමාණයකින් ඉහළනංවාගෙන ඇති බවය.

මේ නිසා ශ්‍රිලංකාවේ තේ නිෂ්පාදනය ලෝක තේ නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස පහලයාමට මෙම තත්ත්වයද බලපා ඇති බව තේ මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: