hit counter

2026 ඔක්‍තෝබර් මස 31 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 01, පෙ.ව. 12:25



පොලිස් සථාන වෙත දුරකතන ගෙන යෑම තහනම් කර නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

කෙසේ වුවද එලෙස රැගෙන එන දුරකතන පොලිස් ස්ථාන තුළ අයථා ලෙස භාවිත කරන බව වාර්තා වී ඇති බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.

පොලිසියට පැමිණෙන ඇතැම් අය පොලිසියේ සිරමැදිරි වීඩියෝගත කරන බවත් පොලිසිය තුළ සිදුවන සංවාද පටිගත කරන බවත් ඒවා නීතියට පටහැනි බවත් නි. ඇමති සුනිල් වටගල පෙන්වා දෙයි.

ඊයේ (30) ජාතික රූපවාහිනියේ දේශපාලන සංවාදයකට එකතු වෙමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: