2026 නොවැම්බර් 04, පෙ.ව. 12:36
2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) සමාගම නිවේදනය කරයි.
මීට අමතරව, හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අදාළ අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද සමාගම සඳහන් කරයි.
වර්තමාන ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සිය කනගාටුව පළ කරන ලාෆ්ස් සමාගම, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කරයි.
නොවැම්බර් මාසයේ ළඟාවීමට අපේක්ෂිත LPG නැව්ගත කිරීම
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 12 – 14
Geogas සැපයුම්කරු (කොළඹ වරාය): නොවැම්බර් 15 – 17
OQT සැපයුම්කරු (හම්බන්තොට වරාය): නොවැම්බර් 24 – 28
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ගෝලීය LPG සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් ලාෆ්ස් සමාගම විසින් හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් ආනයන හා අපනයන පර්යන්තය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදු කර ඇති බව දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ (BOI) ‘Commercial Hub’ රාමුව යටතේ පවතින කොන්දේසි සහ අතීතයේ ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රතිඅපනයන මට්ටම් පවත්වාගෙන යාමට බාධා ඇති වීම නිසා, මෙම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී තිබු බව එම සමාගම පවසයි.
හම්බන්තොට පර්යන්තය දේශීය සැපයුම් සඳහා මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා ඇති බව ඔවුන් පවසයි.
එමෙන්ම දැනට පවතින Hub තත්ත්වයෙන් ඉවත්ව, අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව පර්යන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රමවේද සකස් කරමින් පවතින බව එම සමාගම සඳහන් කරයි.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත, අවශ්‍ය අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කර ඇතත්, මෙතෙක් අදාළ අවසර ලැබී නොමැති බවයි එම සමාගම පෙන්වා දී ඇත්තේ.
මේ අතර, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත සෘජුව LPG ගෙන්වීම සඳහා නව ටෙන්ඩරයක්ද කැඳවා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
තානාපති හෝ ජාත්‍යන්තර මට්ටමින් පවතින කටයුතු සම්බන්ධයෙන්, ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් යන සමාගම් අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා නම් කරන ලද ආයතන නොවන බව සමාගම වැඩිදුරටත් පැහැදිලි කරයි.
අදාළ නියාමන අනුමැතීන් ලැබීමෙන් පසු ගෑස් බෙදාහැරීම් ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ලාෆ්ස් සමාගම පාරිභෝගිකයන්ට වැඩිදුරටත් දැනුම් දී ඇත.
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
31-10-26
31-10-26