hit counter

2026 නොවැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2026 නොවැම්‍බර් 08, පෙ.ව. 12:12



මෙරට පවුල් හා පුද්ගලික අංශයේ ණය ලබාගැනීම් පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම ‘මූල්‍ය ස්ථායිතා විවරණය – 2026’ වාර්තාව මඟින් අනාවරණය කර තිබේ.

ඉකුත් 2025 වසරේ දෙවන කාර්තුවේදී සියයට 14.8ක් ලෙස වාර්තා වූ මෙරට කුටුම්භ ණය ගැනීම් අනුපාතය, මේ වසරේ දෙවන කාර්තුව වන විට සියයට 25.4ක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව වාර්ෂික පදනමින් කුටුම්භ අංශයේ ණය වර්ධනය සියයට 10.6ක සැලකිය යුතු වැඩිවීමක් සටහන් කර තිබේ.

මහ බැංකු වාර්තාවට අනුව, මේ වසරේ ලබාගෙන ඇති සමස්ත කුටුම්භ ණය ප්‍රමාණයෙන් වැඩි ප්‍රතිශතයක් එනම් සියයට 62.5ක්ම ලබාගෙන ඇත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු අංශයෙනි. ඉතිරි සියයට 37.5ක ප්‍රමාණය බැංකු නොවන මූල්‍ය ආයතන මඟින් නිකුත් කර ඇත.

විශේෂත්වයක් වන්නේ මෙලෙස ලබාගෙන ඇති සමස්ත කුටුම්භ ණය ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්, එනම් සියයට 48.9ක්ම වාර්තා වී ඇත්තේ ආර්ථික හා වාණිජ මර්මස්ථානය වන බස්නාහිර පළාතෙන් වීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: