2026 නොවැම්බර් 08, පෙ.ව. 12:07
අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන මිෂෙල් දිල්හාරා මේ දිනවල ජාත්‍යන්තරයේත් දැඩි කතාබහට ලක්වෙමින් සිටිනවා. ඒ රංගනයෙන් ලබාගත් ජනප්‍රියත්වය නිසාම නොවෙයි. ජාත්‍යන්තර සමුළුවකදී ඇය කළ එක් ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල විශාල අවධානයක් දිනාගෙන තිබීම නිසයි.
මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව මෙම සිදුවීමට පසුබිම් වී තිබෙන්නේ ආර්මේනියාවේ යෙරෙවාන් අගනුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්ව සමුළුවේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (COP17) යි. රටවල් 195ක් සහ යුරෝපා සංගමය ඇතුළු පාර්ශ්වකරුවන් 196කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී ගෝලීය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, පරිසර පද්ධති සංරක්ෂණය ඇතුළු වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කෙරෙනවා.
ඇයගේ ප්‍රකාශය අතරින් වැඩිම අවධානයක් දිනාගෙන තිබෙන්නේ “We need heroes, not followers” යන වචන පෙළයි. එනම් අපට අවශ්‍ය වන්නේ අනුගාමිකයන් නොව වීරයන් යන්නයි. ඇය සඳහන් කර ඇත්තේ නගර ඉදිකිරීමටත්, සාගර ජය ගැනීමටත් හැකියාව තිබුණද, ජීවිතයට පදනම සපයන පෘථිවිය ආරක්ෂා කිරීමට නොහැකි නම් එම ජයග්‍රහණවලින් ඵලක් නොමැති බවයි.
කොහොම වුණත්, රංගන ක්ෂේත්රයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර වේදිකාවකදී තම අදහසක් හරහා මෙතරම් අවධානයක් දිනාගැනීමට මිෂෙල් සමත්වීම ශ්‍රී ලාංකිකයන්ටත් ආඩම්බර විය හැකි කරුණක්. මෙම වාර්තා පළ වී ඇත්තේ ප්රවෘත්ති නිවේදනයක් (Press Release) ලෙස බෙදාහැර ඇති මාධ්‍ය වාර්තා ඔස්සේ බවත්, ඇතැම් සංඛ්‍යා සහ රාජ්‍ය නායකයන් උපුටා දැක්වූ බවට වන ප්‍රකාශ ස්වාධීනව තහවුරු වී නොමැති බවත් සඳහන් වේ.
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 06, පෙ.ව. 12:26
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26