hit counter

2026 නොවැම්‍බර් මස 16 වන සඳුදා

2026 නොවැම්‍බර් 16, පෙ.ව. 10:43



ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත LP ගෑස් සැපයීමේදී සමාගමට සිදුවන මූල්‍යමය පාඩුව, වාණිජ හා කාර්මික අංශය සඳහා සිදුකරන සැපයුම් හරහා යම් ප්‍රමාණයකින් සමනය කර ගැනීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ, සාමාන්‍ය පාරිභෝගික ජනතාව මත පැටවෙන ජීවන වියදම් පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි. 

ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් හමුවේ වුවද දේශීය ගෘහස්ථ වෙළෙඳපොළේ මිල මට්ටම් ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මෙලෙස හරස් සහනාධාර ක්‍රමවේදයක් භාවිත කරමින්, කර්මාන්තශාලා වෙත ගෑස් සැපයීමේදී සාධාරණ ලාභාංශයක් රඳවාගෙන අදාළ පාඩුව පියවා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ.

මේ අතර, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි අලුතින් ආනයනය කරන ලද LP ගෑස් සිලින්ඩර තොගයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. 

එම නව සිලින්ඩර ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා බෙදාහැරීමේ ජාලය හරහා මහජනතාව වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් වෙළෙඳපොළේ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩ සැපයුමක් පවත්වාගෙන යාමට හැකිවනු ඇතැයි ද ඒ මහතා විශ්වාසය පළ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: