2026 නොවැම්බර් 17, පෙ.ව. 10:00
පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ගෑස් සැපයුමක් ලබා දිය යුතු බවත්, එසේ නොමැති නම් හිස් ගෑස් සිලින්ඩරයට පාරිභෝගිකයාට මුදල් ගෙවන ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගම වෙත දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ මෑතකදී ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සහ වෙළඳපොළ තුළ ගෑස් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ඊයේ (16) දින එම සමාගමේ නියෝජිතයින් පාරිභෝගික අධිකාරිය වෙත කැඳවූ අවස්ථාවේදී බව වාර්තා වේ.
අඳාළ සමාගම වෙළෙඳපොළ තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් පවතින පසුබිමක ගෑස් සිලින්ඩරයක මිල ඉකුත් 10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබූණා.
එබැවින් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775 කිනුත් කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732 කිනුත් ඉහළ දමා තිබුණා.
මේ අතර ඊයේ දින ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණි අවස්ථාවේ කහ පැහැති එම ගෑස් සමාගමේ සිලින්ඩරයක් රැගෙන සිවිල් සංවිධාන නියෝජිතයින් අදාළ ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇති විය.
කෙසේ වුවද මෙම රැස්වීමේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ මිල සංශෝධනයක් සඳහා සලකා බලන ලෙසයි.
එබැවින් අද එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී ඇත.
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:11
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26