2026 නොවැම්බර් 18, පෙ.ව. 12:03
සීමාසහිත ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය (COOPFED) සහ ‘රිච්වින්’ (Richwin) සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව නිෂ්පාදනය කරනු ලබන “CoopFish” නව ටින් මාළු නිෂ්පාදන 28ක් නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙයි.
දේශීය ධීවර කර්මාන්තය, නිෂ්පාදන අංශය සහ සමූපකාර ව්‍යාපාරය එකට එක් කරමින් ජාතික ආර්ථිකයට නව වටිනාකමක් එක් කිරීමේ ඓතිහාසික පියවරකි.
දේශීය ටින් මාළු කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රජය විසින් දැනටමත් ආනයන සීමා පනවා ඇති අතර වසරකට ටින් මාළු අමුද්‍රව්‍ය ආනයනය සඳහා වැය වන අමෙරිකානු ඩොලර් මිලියන 20ක විදේශ විනිමය මෙරට තුළ ඉතිරි කර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
ඒ සඳහා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ යාත්‍රා මිලදී ගැනීමට 5%ක සහන පොලියක් යටතේ එක් යාත්‍රාවකට රුපියල් මිලියන 500ක් දක්වා ණය පහසුකම් ලබා දීමටත්, ධීවර කර්මාන්තය අපනයනාභිමුඛ කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට රුපියල් බිලියන 15ක ප්‍රතිපාදන වෙන් කිරීමටත් රජය පියවර ගෙන ඇති බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
සුගිය කාලය තුළ අභාවයට යාමට ඉඩ හැර තිබූ සමුපකාර ව්‍යාපාරය, වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයට අනුව මෙරට ආර්ථිකයේ ශක්තිමත් කුළුණක් ලෙස යළි ගොඩනඟමින් සිටින බවද අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
පෞද්ගලික අංශය සමඟ තරඟකාරී මිලකට පාරිභෝගිකයාට ගුණාත්මක භාණ්ඩ සැපයීම වෙනුවෙන් 2029 වසර වනවිට දිවයින පුරා සමූපකාර අලෙවිසැල් 10,000ක් සහ නවීන ‘මෙගා කෝප් සිටි’ (Mega Coop City) 25ක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 18, පෙ.ව. 12:11
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26