hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 18, පෙ.ව. 12:13



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ නව ප්‍රතිලාභීන්ට බැංකු ගිණුම් විවෘත කිරීමට සහ තොරතුරු තහවුරු කිරීමට ඊයේ (17) දින සිට අවස්ථාව ලබාදී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන බව වාර්තා වේ.

එබැවින් නව අස්වැසුම ප්‍රතිලාභීන් සිය ප්‍රතිලාභ ලබා ගැනීමට රාජ්‍ය බැංකුවක වෙනම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ගිණුමක් විවෘත කළ යුතු වේ.

ඒ සඳහා අදාළ නිර්දේශ ලිපි ඊයේ සිට තමන් අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් ලබාගත හැකි බව සඳහන්.

මේ අතර බැංකු ගිණුම විවෘත කිරීමෙන් පසු යළි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ ගිණුම් තොරතුරු යාවත්කාලීන කිරීම අනිවාර්ය බව දන්වයි.

කෙසේ වුවද දැනටමත් සක්‍රිය අස්වැසුම බැංකු ගිණුමක් පවතින ප්‍රතිලාභීන් නව ගිණුමක් විවෘත කිරීම අවශ්‍ය නොවන බව සඳහන්.

මේ අතර නව ප්‍රතිලාභීන්ට සහ දෙවන අදියරේ ප්‍රතිලාභීන්ට නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 27 වැනි දින ලබාදීමට අපේක්ෂා කරන බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: