2026 නොවැම්බර් 23, පෙ.ව. 12:17
දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීම උදෙසා සීනි සඳහා පැනවූ රුපියල් දහයක (10) බද්ද හැරෙන්නට වත්මන් රජය විසින් අලුතින් පනවන ලද වෙනත් කිසිදු බද්දක් ඇත්නම් එය පෙන්වා දෙන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විපක්ෂයට අභියෝග කළේය. ජාතික ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි.
දේශීය සීනි සඳහා එකතු කළ අගය මත වන බද්ද (VAT) අදාළ වුවද ආනයනික සීනි සඳහා එම බද්ද ක්‍රියාත්මක නොවීම නිසා වෙළෙඳපොළ තුළ බරපතළ විෂමතාවක් නිර්මාණය වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දේශීය සීනි කර්මාන්තය ආරක්ෂා කරගනිමින් එම අසමතුලිතතාව නිවැරදි කිරීම සඳහා ආනයනික සීනි මත රුපියල් 10 ක විශේෂ බද්දක් පැනවීමට රජයට සිදුවූ බව පැහැදිලි කළේය.
මෙවර ඉදිරිපත් කරන ලද අයවැය ලෝක ප්‍රජාවගේ සහ ජාත්‍යන්තර සංවිධානවල පවා ඇගයීමට ලක්වූ සවිමත් වැඩපිළිවෙළක් බව සඳහන් කළ ඒ මහතා, රජයේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණ හමුවේ දේශපාලනිකව අතරමං වූ විපක්ෂයට දැන් කතරගම ගොස් පොල් ගැසීමට සිදුව ඇතැයිද උපහාසාත්මකව සඳහන් කළේය.
තවද, කාර්යාල කාර්ය සහායකයාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් ඉහළ නැංවීමට රජය පියවර ගත් බවත්, මෙය රාජ්‍ය සේවකයන්ට ලබාදුන් අවසන් වැටුප් හෝ දීමනා වැඩිවීම නොවන බවත් ඔහු සිහිපත් කළේය.
රජය බලයට පත්ව ගතවූ වසර දෙකක කෙටි කාලය තුළ ඉදිරිපත් කළ තුන්වන අයවැය මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහා භාණ්ඩාගාරයේ ඉතිරි කරගත් මහජන මුදල් සෘජුවම සහන ලෙස ජනතාව වෙත ලබාදෙමින් සිටින බව පැවසීය.
විශේෂයෙන් පසුගිය නොවැම්බර් මාසයේ සිට රුපියල් මිලියන 800 ක මූල්‍ය පාඩුවක් රජය විසින් දරාගනිමින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,400 ආසන්න මට්ටමක පවත්වාගෙන යන බවත් ඉන්ධන, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, මාර්ග සංවර්ධනය, වතු කම්කරු වැටුප් මෙන්ම ‘අස්වැසුම’ සුබසාධක දීමනා හරහා ජනතාවට දිය හැකි උපරිම මූල්‍ය සහන ලබාදී ඇති බවත් ඇමැති වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 23, පෙ.ව. 12:14
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26