hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 3:13



ලෝක ප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක්හි දේශනයක් පවත්වමින් සිටින අතරතුර දී මෙලෙස ඔහු පිහි ඇනුමකට ලක්ව ඇති බවයි.

රුෂ්ඩි විසින් දේශනයක් කරමින් සිටි, චෞටූක්වා ආයතනයේ වේදිකාවට කඩා වැදුණු අයෙක් රුෂ්ඩිට පිහියෙන් ඇනීමට කටයුතු කරනු සියැසින් දුටු ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාකරුවෙකු සඳහන් කළේ, පිහි ඇනුම කළ තැනැත්තාව අල්ලා ගන්නට සභාවේ සිටි පිරිසට හැකි වූ බවයි.

කෙසේ නමුත් සුප්‍රකට ලේඛකයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේ දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.