hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 8:24



මියන්මාරයේ නෙරපා හරින ලද නායිකා අවුන් සාන් සුකීට මියන්මාර අධිකරණය විසින් තවත් දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් වරදකරු කර ඇති අතර ඇයට තවත් වසර හයක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් එක්කර තිබුණා.

77 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර ඇයගේ නීතිඥයින් අධිකරණ තීරණයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.