hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 අගෝස්‍තු 11, ප.ව. 1:48



සිරියාවේ රුසියානු හමුදා කටයුතු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කෙරෙන එකඟතාවයක් කරා එළඹියේ යැයි සිරියාව නිවේදනය කර තිබුණා.

මේ අනුව රුසියානු හමුදා දැනට රැඳී සිටින හමීම් ගුවන් කඳවුරෙහි සහ ටාර්ටුස් නාවික කඳවුරෙහි ඔවුන් ගේ කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩු කෙරෙනු ඇති.

හමීම් කඳවුරෙහි සිවිල් කටයුතු සිරියානු ආණ්ඩුවට පැවරෙන අතර හමුදා කටයුතු ඒකාබද්ධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස රටවල් දෙක විසින්ම ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් වන්නේ.

ටාර්ටුස් වරායේද ඒ අයුරින්ම වාණිජ කොටස් සිරියාව විසින් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. හමුදාමය කටයුතු ඒකාබද්ධව සිදුකිරීමට නියමිතයි.

මෙම හුවමාරුව මාස තුනක් තුළදී සිදුකිරීමට අපේක්ෂා කෙරෙන බව ද සඳහන්ව තිබෙනවා.

සිරියාවේ බශාර් අල් අසාද් පාලන සමයේදී රුසියානු හමුදා කටයුතු වර්ධනය වූ නමුත් 2024 දෙසැම්බරයේදී ඔහුගේ පාලනය බිඳවැටීමත් සමග රුසියානු හමුදා කටයුතු හමීම් සහ ටාර්ටුස් කඳවුරුවලට සීමාවුණා. එම කඳවුරු පිළිබඳ නව සිරියානු ආණ්ඩුව රුසියාව සමග සාකච්ඡා කළ බව වාර්තා වී තිබෙනවා. සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ශරා දෙවරත් මොස්කව් ක්‍රෙම්ලිනයෙදී ජනාධිපති පුටින් ද මුණගැසුණා.

බශාර් අල් අසාද් ද රුසියාවේ දේශපාලන රැකවරණ​ ලැබ සිටිනවා.