2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
ඉරානයේ බලාගාර ආදී ඉලක්ක වෙත දැවැන්ත පහාරයක් එල්ල කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවදානය යොමුව තිබෙනවා.
ඉදිරි දිනවලදී මෙවැනි පියවරක් ගැනීමේ සූදානමක් පවතින බවයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමරිකානු මධ්‍යමදිග විධානයෙහි අණදෙන නිලධාරී අද්මිරාල් බ්‍රැඩ් කූපර් මෑතකදී මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ සැලැස්මක් ඇමරිකානු පරිපාලනය වෙත යොමු කළා. එම සැලැස්මෙහි අකාරයට දින 10 ත් 14 ත් අතර කාලයක් තුළ කෙරෙන ප්‍රහාරක මෙහෙයුමක් යෝජනා වී ඇති බවයි වාර්තා වී තිබුණේ. ට්‍රම්ප් අනුගමනය කිරීමට සැරසෙන්නේ එම සැලැස්මදැ යි සහතික වශයෙන් වාර්තා වී නැහැ.
කෙසේ වෙතත් දින කිහිපයක දැවැන්ත ප්‍රහාරයක් මගින් ඉරානය සාකච්ඡා මේසයට ගෙන ආ හැකි යැයි ට්‍රම්ප් විශ්වාස කරන බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබෙනවා.
නමුත් ඉරානය දිගටම ප්‍රකාශ කර සිටින්නේ තම යටිතල පහසුකම් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල වුවහොත් තමන් ද ගල්ෆ් කලාපයේ රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 12, ප.ව. 2:55
2026 ජූලි 08, පෙ.ව. 10:46