hit counter

2026 අගෝස්‍තු මස 04 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 04, ප.ව. 11:24



හොර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා වන එකඟතාවයක් සඳහා අද හෝ හෙට එළඹෙනු ඇතැයි ඇමරිකානු වාණිජ ලේකම් ස්කොට් බෙසන්ට් පවසනවා.

මෙවැනි එකඟතාවයක් පිළිබඳ ඉරානය සහ ඕමානය අතර පසුගිය දිනවල කතාබහක් පැවතුණා. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබූ පරිදි මේ වනවිට කතාබහට ලක්වන එකඟතාවය අනුව පර්සියන් බොක්ක වෙත ගමන් කරන නෞකා ඉරාන පාලනය යටතේ පවතින කොටස දෙසිනුත් පර්සියන් බොක්ක දෙසින් ඉවතට එන නෞකා ඕමාන පාලනය යටතේ පවතින ප්‍රදේශය දෙසිනුත් ගමන් කරනු ඇති.

නෞකාවලින් සේවා ගාස්තුවක් අය කෙරෙනු ඇති අතර එය ඉරානය සහ ඕමානය අතර සමව බෙදී යනු ඇති.

මේ ආකාරයේ එකඟතාවයකට පැමිණියහොත් සමුද්‍ර සන්ධිය විවෘත වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ ඛනිජ තෙල් මිළ ගණන් අඩුවනු ඇති. එය ඇමරිකානු ආර්ථිකයට හිතකර තත්ත්වයක් වනු ඇතැයි පැහැදිලියි.

කෙසේ වෙතත් ඉරානයට සමුද්‍ර සන්ධිය පාලනයේ අවස්ථාවක් ලැබීම භූදේශපාලනිකව ඇමරිකාව ලබන​ පරාජයක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.