2022 අගෝස්‍තු 15, ප.ව. 8:31
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අද (15) නවදිල්ලියේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා.
මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නවවන නිදහස් සැමරුම මෙය ලෙස සැලකේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින පීඨිකාවක සිට අද ජාතිය ඇමතුවා.
උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි ප්‍රකාශ කර සිටියේ ගෝලීය වසංගතයේදී ඉන්දීය විද්‍යාඥයින් ඉන්දියාව වෙනත් කිසිඳු රටක් හෝ කිසිවෙකු මත යැපීම වළක්වා ඇති බවයි.
තවද කෝටි 54ක් වූ ජනතාවට එන්නත්කරණය සිදු කරමින් ඉන්දියාව ලොව විශාලම කොරෝනා එන්නත්කරණය සිදු කළ බවද ඔහු සඳහන් කළා.
මෙහිදී ඔලිම්පික් පදක්කම් දිනූ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සම්මාන පිරිනැමීම සිදු කළා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24